Update – හංවැල්ලේ වෙඩි තැබීමෙන් මන්නා රොෂාන්ගේ අයියා මරුට (ඡායාරූප)

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ දී අද (04) දහවල් සිදු වූ වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ ‘මන්නා රොෂාන්’ නැමැත්තාගේ වැඩිමල් සහෝදරයා බව වාර්තා වනවා.

වෙඩි තැබීමෙන් තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර ඇති බවයි හංවැල්ල පොලිසිය පැවසුවේ.

මෙම පුද්ගලයින් දෙදෙනා කැබ්රතයකින් ගමන් කරමින් සිටිය දී යතුරුපදියකින් පැමිණි දෙදෙනෙක් විසින් ටී-56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තැබීම සිදුකර පළාගොස් ඇති බවයි තොරතුරු වාර්තා වන්නේ.

සන්නද්ධ කණ්ඩායමක් විසින් සිදුකළ වෙඩි තැබීමකින් රොෂාන් ඉන්දික නොහොත් ‘මන්නා රොෂාන්’ පසුගිය වසරේ දෙසැම්බර් මස 25 වනදා ඝාතනයට ලක් වුණේ පාදුක්ක, තුන්නාන, වෙන්දේසි වත්ත ඉඩමේ දීයි.

Update – 2024-03-04 | 12.50PM

හංවැල්ල, නිරිපොළ ප්‍රදේශයේ වෙඩිතැබීමක් සිදුව තිබෙනවා.

අද (04) සිදු වූ මෙම වෙඩි තැබීමෙන් එක් පුද්ගලයෙක් මියගොස් ඇති බවයි පොලිසිය පැවසුවේ.

තවත් පුද්ගලයෙක් තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

ටී -55 වර්ගයේ ගිනි අවියකින් මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේ.

1 3
2 1
3 1


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
00:00
Video thumbnail
අස්වැසුම මුදල් වංචා කළ නිළධාරිනියන් දෙදෙනා යළි රිමාන්ඩ්
00:36
Video thumbnail
ගල් අඟුරු ප්‍රශ්නය නිසා නෙවෙයි ඇමති අයින් වුණේ - ඊළඟ ගල් අඟුරුවලට සහතිකයක් දෙන්න පුළුවන්ද ?
03:04
Video thumbnail
විපක්ෂය නටන මේ නාඩගම අපි නවත්වනවා
05:21
Video thumbnail
ගල් අඟුරු වංචාව ගැන කැබිනට් මාධ්‍ය හමුවේ ඇදෙයි - ගල් අඟුරු සැපයීමට සමාගම් දෙකකට දෙනවා
04:47
Video thumbnail
මේ වගේ පිස්සෝ ටිකක් මන් කොහේවත් දැකලා නෑ
06:38
Video thumbnail
බන්ධනාගාරවල කැරලි හැදෙන විදියට ආණ්ඩුව වටපිටාව හැඳුවා ? පොහොට්ටුවෙන් ආණ්ඩුවට සැර සත්තමක්
15:29
Video thumbnail
ගැමුණුගේ කතාවට නලින්ද උත්තර දෙයි
06:47
Video thumbnail
පොලිස්පතිට මරණ තර්ජනය කරනවා නම් ඒක ගැන පරීක්ෂණය කරන්න ඕනේ
02:30
Video thumbnail
මේ ගෝත්‍රිකයින්ට රාජ්‍යයක් පාලනය කරන්න බෑ - පැලවත්තේ ආණ්ඩුවට බලය විතරයි ඕනි
09:02