සෞඛ්‍ය සේවිකාවකට වූ අකරතැබ්බය

සෞඛ්‍ය සේවිකාවකට පෙරේදා (24 දා) රාත‍්‍රී ලිංගික අතවර කළ පුද්ගලයකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා පහරදී තෙබුවන පොලිසියට භාරදී ඇතැයි උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය. නෑබඩ, වෝගන් වත්ත ප‍්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයකු මෙසේ පොලිසියට භාරදී ඇතැයි පැවසේ.

දෙදරු මවක වූ 33 හැවිරිදි සෞඛ්‍ය සේවිකාව නාගොඩ මහ රෝහලේ සේවය නිමවා බසයෙන් පැමිණ රාත‍්‍රී 7.15 ට පමණ හැලබගොඩ ප‍්‍රදේශයේ පාගමනින් යමින් සිටියදී මුදල් ගෙන ඔහු සමග සිටීමට පැමිණෙන ලෙස අතින් ඇද ඇති බවට පැමිණිලිකාරිය ප‍්‍රකාශ කර ඇතැයි පොලිසිය කියයි.

වින්දිත කාන්තාව බිය වී කෑගැසීමත් සමගින් ප‍්‍රදේශවාසීන් එක්ව සැකකරු අල්ලා පහරදී පොලිසියට භාරදුන් බව සඳහන් වේ.

ප‍්‍රදේශවාසීන් කළ පහරදීම්වලින් සැකකරුගේ මුහුණේ සහ ශරීරයේ ස්ථාන කිහිපයක තැලීම් සහ සීරීම් තුවාල සිදුව ඇතැයිද පොලිසිය කියයි.

සැකකරු සමඟින් තවත් පුද්ගලයකු යතුරු පැදියකින් පැමිණි බවට අනාවරණය වී ඇති බවත්, ඔහු සොයා පරීක්ෂණ සිදු කරන බවත් පොලිසිය කියයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය විරෝධී දිනය ගැන පොලිස් මාධ්‍ය ප්‍රකාශකගෙන් විශේෂ ප්‍රකාශයක්
01:52
Video thumbnail
බීඩි ගහපු සරත් දැන් විස්කි බිබී ගොවියට කසිප්පුකාරයාලු
01:03
Video thumbnail
මගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් වෙලා - ආණ්ඩුව නීතියට අත තියලා හොම්බෙන් යන්න ලෑස්තිවෙන්න
03:28
Video thumbnail
සලේගේ බිරිඳට අපි ගරු කරන්න ඕනි - පාස්කු ප්‍ර#රයේ පරීක්ෂණය ගැන ගොඩක් අය බලාගෙන ඉන්නේ
06:40
Video thumbnail
තෙල්දෙණිය තරුණියගේ සිරුර සැඟවීමට උදව් කළ මිතුරා පොලිසියට රැගෙන ආ හැටි
01:38
Video thumbnail
භෞතික චිකිත්සකවරියගේ ඝා#නයේ සැකකරු, බිරිඳ සහ දරුවා පොලිසියට භාරදුන් අයුරු
02:13
Video thumbnail
ආගම ගැන ඩයනාගෙන් සැර කතාවක් - අර යූටියුබ් කාරයෙක් ඉන්නවා බුදු දහමට අපහාස කරනවා..
09:57
Video thumbnail
ඩයනා නඩුවට ඇවිත් කිව්ව අමුතු කතාව - මාව මහ මුහුදට තමයි දාන්න වෙන්නේ..මොක්කදෝ හුටපටයක්
01:59
Video thumbnail
ඔයත් කොරියාවට යන්න හීනමවන කෙනෙක්ද ?යන්න කළින් මේ ගැන අනිවාර්යෙන් දැනගන්න!..නීති වෙනස් වෙයි
02:55
Video thumbnail
"මෙන්න පුනරුදේ..සුපිරි..ක්ලීන් ශ්‍රී ලංකා..ගමේ නෙළුම් මල් පිරිලා"ආණ්ඩුවට විතරක් ප්‍රශ්න විසඳන්න බැහැ
02:38