සෞඛ්‍ය වර්ජනය තාවකාලිකව අත්හිටුවීමට තීරණයක්

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ වර්ජනය හෙට (04) උදෑසන 8 සිට දින 10කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කර තිබේ. 

සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සම්මේලනයේ විශේෂ විධායක සභාව පෙන්වා දෙන්නේ සෞඛ්‍ය ලේකම්වරයා ඊයේ (02) රාත්‍රියේ හදිසි සාකච්චාවක් කැඳවා දැක්වූ ප්‍රතිචාර සැලකිල්ලට ගෙන එම තීරණය ගත් බවය. 

එමෙන්ම විදුලිය හා තෙල් අර්බුදය හේතුවෙන් ජනතාව පත්වී ඇති පීඩාවද සැලකිල්ලට ගනිමින් වර්ජන ක්‍රියාමාර්ගය මෙලෙස දින 10කට තාවකාලිකව අත්හිටුවීමට තීරණය කළ බවද ඔවුන් පෙන්වා දෙයි.

රජය විසින් එකඟ වු ඉල්ලිම් ලබානොදීම ඇතුළු ඉල්ලීම් 4ක් මුල් කරගනිමින් වෘත්තීය සමිති 17ක්  ඊයේ (02) දිනයේ ආරම්භ කළ වැඩවර්ජනය අද දිනයේත් ක්‍රියාත්මක ය.

මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැඳවුම්කරු රවී කුමුදේශ් මහතා, 

“සංකේත වැඩවර්ජන සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ප්‍රතිපත්ති සහ ප්‍රතිචාර දැක්වීමේ වැඩපිළිවෙල පිළිබඳව අපි වැඩි අවධානයක් යොමු කළා.

“සෞඛ්‍ය අමාත්‍යාංශය සංකේත වැඩවර්ජනවලට උත්තර දෙන්නේ නෑ. ඒකට හේතුවක් තියෙනවා.”

“සෞඛ්‍ය සේවාවන් වර්ජනය කළාම ඒ කාලය තුළ සෞඛ්‍ය සේවාවන් පෞද්ගලික අංශය වෙත යොමු කරනවා. රසායනාගාර පරීක්ෂණ, එක්ස් රේ පරීක්ෂණ, විවිධ වෛද්‍ය සේවාවන්. පෞද්ගලික අංශය මේවා ටෙන්ඩර් මගින් ලබාගන්නවා.”  

“මේ හරහා රෝහල් මට්ටමින් සහ අමාත්‍යාංශ මට්ටමින් විශාල කොමිස් මුදල් එහාට මෙහාට යනවා. අපි ජනාධිපතිවරයාට කියන්නේ මේ ගැනත් විමර්ශනයක් කරන්න.”

“අපේ මූලික නිරීක්ෂණය තමයි.. ඔවුන් කැමතියි අපි සංකේත ක්‍රියාමාර්ග දිගින් දිගටම ගන්නවාට.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
SLCMP එකේ කියලා ඔයාට ID චෙක් කරන්න බෑ..හෑන්ඩ් කප් පෙන්නලා මට ID දෙන්නලු..මාර ටෝක්නේ කරන්නේ
04:52
Video thumbnail
පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු
01:08
Video thumbnail
ජනපතිගේ රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක්
01:13
Video thumbnail
ජනපතිගේ ගොවි රැළියට එරෙහිව ගොවියෙක් වහලයක් මත විරෝධතාවක් - "මෙතනට කවුරුත් ගොවියෝ යන්නේ නෑ"
01:50
Video thumbnail
එක්නැළිගොඩගේ බිරිඳ නඩුව ගැන හෙළිකළ දේ - අවු:16කට පස්සේ හරි රාජ්‍යයේ වගකීම ඉටු කරයි
02:23
Video thumbnail
ගුරු කාර්යක්ෂමතා කඩයිම් විභාගය සඳහා සහන ලබා දීම ගැන හෙළිදරව්වක් - උසස්වීම් ගැන ගැටලුව විසඳෙනවා
03:00
Video thumbnail
හෙට පැවැත්වෙන පොහොට්ටුවේ මහ ජන රැළියට සූදානම් වන අයුරු - තිස්සකුට්ටි, රෝහිත ඇතුළු ප්‍රබලයින් ඇවිත්
01:53
Video thumbnail
ගිරිතලේ ස්වභාවික රක්ෂිතයේ අනවසර කැණීමක් කොටු කළ හැටි - බඩුත් එක්ක තිදෙනෙකු කුදලන් එයි
03:51
Video thumbnail
මහින්දගේ ජයග්‍රාහී රැළිවල ආරම්භය වුණේ අනුරාධපුරය පුණ්‍ය භූමිය - අත් ට්‍රැක්ටර්වලිනුත් එනවා කට්ටිය
04:30
Video thumbnail
ආණ්ඩුවකට විරුද්ධව විපක්ෂයක් සංවිධානය කළ විශාලම දේශපාලන රැළිය හෙට - දැවැන්ත චරිත එනවා
03:39