AFC Banner
Empty Ad

සෞඛ්‍ය නිලධාරීන්ගේ කටවල් වහන නව චක්‍රලේඛයට විරෝධය

සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයට විරෝධය පළ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

අදාළ චක්‍රලේඛයට සියලුම වෘත්තිය සමිති එක්ව විරෝධය පළ කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පසුගිය 21 වනදා අදාළ චක්‍රලේඛයක් නිකුත් කළා.

ඒ, අනුව අදාළ චක්‍රලේඛය මඟින් දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය සේවය සම්බන්ධ තොරතුරු හා ප්‍රතිපත්තීන් විවේචනය කරමින් විධිමත් අනුමැතියකින් තොරව ඇතැම් නිලධාරීන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර ඇති බවයි.

අදාළ විධිවිධානවලට පටහැනිව කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි අදාළ චක්‍රලේඛයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?