සෞඛ්‍ය නිලධාරීන්ගේ කටවල් වහන නව චක්‍රලේඛයට විරෝධය

සෞඛ්‍ය නිලධාරීන්ගේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමි කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති නව චක්‍රලේඛයට විරෝධය පළ කරන බව සෞඛ්‍ය වෘත්තීය සමිති පවසනවා.

අදාළ චක්‍රලේඛයට සියලුම වෘත්තිය සමිති එක්ව විරෝධය පළ කිරීමේ වැඩපිළිවෙලක් ආරම්භ කරන බවයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ සඳහන් කළේ.

අනුමැතියකින් තොරව ජනමාධ්‍ය වෙත ප්‍රකාශ නිකුත් කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පසුගිය 21 වනදා අදාළ චක්‍රලේඛයක් නිකුත් කළා.

ඒ, අනුව අදාළ චක්‍රලේඛය මඟින් දැනුම් දී ඇත්තේ සෞඛ්‍ය සේවය සම්බන්ධ තොරතුරු හා ප්‍රතිපත්තීන් විවේචනය කරමින් විධිමත් අනුමැතියකින් තොරව ඇතැම් නිලධාරීන් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කර ඇති බවයි.

අදාළ විධිවිධානවලට පටහැනිව කටයුතු කරන සෞඛ්‍ය සේවාවට අයත් සියලුම නිලධාරීන් සම්බන්ධයෙන් විනයානුකූල ක්‍රියාමාර්ග ගන්නා බවයි අදාළ චක්‍රලේඛයෙන් වැඩිදුරටත් පෙන්වා දී ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මතක තියාගන්න අනුර කුමාර, නාමල්ව නවත්වන්න බෑ
01:08
Video thumbnail
මහින්දට බැහැලා යන්නත් ඉඩ නෑ, විශාල සෙනඟක් වටකරගනී
01:47
Video thumbnail
තරුණයෙක් සුදු ඉරමත අනතුරට ලක් කළ ත්‍රීවිල් එක
00:15
Video thumbnail
ජනපති අනුර පොළොන්නරුවේ රැළියෙන් පිටව ගිය හැටි
01:19
Video thumbnail
මේක එලවන්න ඕනිලු..එලවන්න අනේ පව් - මෛත්‍රිය, අනුකම්පාව නෑ නිසි දඬුවම් දෙනවා
06:24
Video thumbnail
නාමල් නැති රැළියට යෝෂිත ආපු හැටි
00:59
Video thumbnail
මහින්දගේ ඇස් දෙකට පේන්න නාමල්ව ජනාධිපති කරන්න
02:52
Video thumbnail
මීට කලින් ආණ්ඩු කුඩුකාරයෝ බලා ගන්න ආණ්ඩු - ලොකු මිනිහෙක්ගේ ගෙයක් නාය යන තැන්වල හදන්නේ නෑනේ
04:28
Video thumbnail
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පවත්වන ජන සටන
03:27:24
Video thumbnail
පුලතිසිපුරයට ගිහින් ජනපති ගොවියන්ට දුන් සහතිකය - වී අලෙවි මණ්ඩලයට දීපු සතයක්වත් ආණ්ඩුවට එපා
11:06