සෞඛ්‍ය අමාත්‍යාංශයේ ගැටළු විමර්ශනයට සකස් කළ අනු කාරක සභාවේ කෙටුම්පත ගැන කෝපා කමිටුවේ අවධානය

සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳ ගැටළු විමර්ශනය කිරීම සඳහා පත් කළ රජයේ ගිණුම් පිළිබඳ අනු කාරක සභාව විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීම සඳහා සකස් කළ වාර්තාවේ කෙටුම්පතෙහි සඳහන් නිර්දේශ සම්බන්ධයෙන් ගිණුම් පිළිබඳ කාරක සභාවේදී සාකච්ඡා කිරීම සිදු වී තිබෙනවා.

මේ පිළිබඳ සාකච්ඡා කෙරුණේ රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදීයි.

විගණකාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද 2019, 2020 හා 2021 වර්ෂවලට අදාළ විගණකාධිපති වාර්තා සලකා බැලීම සහ වර්තමාන කාර්ය සාධනය පරීක්ෂා කිරීම සඳහා 2023.09.20 දින පවත්වන ලද රජයේ ගිණුම් පිළිබඳ කාරක සභා රැස්වීමේදී මතු වූ කරුණු අනුව සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථය යටතේ පවතින ආයතන හා ඒවායේ කාර්යභාරයන් සම්බන්ධයෙන් ගැඹුරින් අධ්‍යයනය කර විසඳුම් සෙවීමේ අවශ්‍යතාව මතු වී තිබුණා. ඒ අනුව කෝපා කමිටුව විසින් අනු කාරක සභා දෙකක් පත් කළ අතර ඉන් එක් අනු කාරක සභාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සැපයුම් සහ ඒ ආශ්‍රිත කරුණු පිළිබඳ ගැටළු විමර්ශනය කිරීම සඳහායි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතාගේ සභාපතිත්වයෙන් යුතුව පත් කර තිබුණේ.

මේ අනුව මෙම අනු කාරක සභාව 2023.09.27 දින සිට අවස්ථා 6ක් රැස් වී අවශ්‍ය අංශ සම්බන්ධ කර ගනිමින් සාකච්ඡා පවත්වා මෙම වාර්තාවේ කෙටුම්පත සකස් කර නිර්දේශ 19ක් ඉදිරිපත් කර තිබෙනවා. මේ අනුව මෙම නිර්දේශ සම්බන්ධයෙන් කෝපා කමිටුව මෙහිදී සලකා බැලීම සිදු වුණා.

මෙම කෙටුම්පත් වාර්තාව කෝපා කමිටුවට ඉදිරිපත් කරමින් අනු කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක සඳහන් කළේ හදිසි ඖෂධ මිලදීගැනීම් සම්බන්ධයෙන් විශාල ගැටලු ප්‍රමාණයක් මෙම අනු කමිටුවට අනාවරණය වූ බවත් ඒවා අවම කිරීමට නිර්දේශ මෙම වාර්තාව මගින් ඉදිරිපත් කරන බවයි. එසේම ප්‍රසම්පාදනය සඳහා දීර්ඝ කාලයක් ගතවීම සම්බන්ධයෙන් මතුවන ගැටලු අවම කිරීමටද නිර්දේශ ඉදිරිපත් කොට ඇති බවද හෙතෙම සඳහන් කළා.

මේ අනුව මෙම වාර්තාවේ සඳහන් නිර්දේශ පිළිබඳ සාකච්ඡා කිරීමෙන් අනතුරුව ඉදිරියේදී මෙම වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවයි රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවේ සභාපති රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26