සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති හා අන්තරේට අධිකරණයෙන් නියෝගයක් (නිවේදනය)

සෞඛ්‍ය අංශ වෘත්තීය සමිති සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද (22) පැවැත්වීමට නියමිත විරෝධතාවක් සම්බන්ධයෙන් මාළිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

මරදාන පොලීසියේ ස්ථානාධිපති කළ ඉල්ලීමක් අනුව එම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වන්නේ.

සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය විසින් අද මෙම විරෝධතාව පැවැත්වීමට නියමිතයි.

ඒ අනුව අද දින පෙරවරු 10 සිට රාත්‍රී 9 දක්වා සෞඛ්‍ය අමාත්‍යාංශය අවට ඒකරාශී වී අවට ඇති මහා මාර්ගය, පදික වේදිකා භාවිත කළ නොහැකි ලෙස අවහිර කරමින් සිදුකරන උද්ඝෝෂණ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයට ඇතුළු වීම වළක්වාලමින් මාළිගාකන්ද මහේස්ත්‍රාත් අධිකරණය විසින් තහනම් නියෝගයක් නිකුත් කර තිබෙනවා.

එම විරෝධතාව සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරී එකමුතුව සහ අන්තර් විශ්ව විද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මගින් සංවිධානය කිරීමට නියමිත බව පොලීසිය පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශය අවට මාර්ගවල ගමනාගමනය අවහිර වන පරිදි වාහනවලට සහ මහජනතාවට බාධාකාරී වන ලෙසට එම විරෝධතාව පැවැත්වීමට කටයුතු කරන බවට ලැබුණු බුද්ධි තොරතුරක් මත මාළිගාකන්ද අධිකරණයෙන් කළ ඉල්ලීමකට ප්‍රතිචාර ලෙස එම අධිකරණ නියෝගය නිකුත්කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?