සොරාගත් යතුරුපැදිය මාස ගණනක් පැද්ද කොස්තාපල් අත්අඩංගුවට

මහරගම නගරයේ නවතා තිබිය දී අස්ථානගත වූ යතුරුපැදියක් භාවිත කළ බව කියන පොලිස් නිලධාරියෙකු කොහුවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පොලිස් ස්ථානයටම අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීට මාස 03කට පමණ පෙර මහරගම නගරයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් අස්ථානගත වී ඇති බවට පුද්ගලයෙකු විසින් මහරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අතර තුර එම යතුරුපැදිය කොහුවල ප්‍රදේශයේ දී පුද්ගලයකු පැද යනු දුටු බවට පැමිණිල්ල සිදුකළ පුද්ගලයාම පොලිසිය දැනුවත් කර තිබෙනවා.

අනතුරුව මහරගම පොලිසිය විසින් මේ සම්බධයෙන් කොහුවල පොලිසිය වෙත දන්වා ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ කොහුවල පොලිසිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය නවතා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා කොහුවල පොලිසියට අනුයුක්තව සේවය පොලිස් නිලධාරියෙක් බවට පසුව හඳුනාගෙන ඇති බවයි වාර්තා වුණේ.

සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාළ යතුරුපැදියේ කිසිදු ලේඛනයක් එම පොලිස් නිලධාරියා සතුව නොමැති බවත් එය ඔහුට අයත් එකක් නොවන බවටයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?