සොරාගත් යතුරුපැදිය මාස ගණනක් පැද්ද කොස්තාපල් අත්අඩංගුවට

මහරගම නගරයේ නවතා තිබිය දී අස්ථානගත වූ යතුරුපැදියක් භාවිත කළ බව කියන පොලිස් නිලධාරියෙකු කොහුවල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එම පොලිස් ස්ථානයටම අනුයුක්තව සේවය කළ පොලිස් කොස්තාපල්වරයකුයි මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ.

මීට මාස 03කට පමණ පෙර මහරගම නගරයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිට නවතා තිබූ යතුරුපැදියක් අස්ථානගත වී ඇති බවට පුද්ගලයෙකු විසින් මහරගම පොලිසියට පැමිණිල්ලක් කර තිබුණා.

ඒ සම්බන්ධයෙන් සිදුකළ විමර්ශන අතර තුර එම යතුරුපැදිය කොහුවල ප්‍රදේශයේ දී පුද්ගලයකු පැද යනු දුටු බවට පැමිණිල්ල සිදුකළ පුද්ගලයාම පොලිසිය දැනුවත් කර තිබෙනවා.

අනතුරුව මහරගම පොලිසිය විසින් මේ සම්බධයෙන් කොහුවල පොලිසිය වෙත දන්වා ඇති අතර, ඒ අනුව ක්‍රියාත්මක වූ කොහුවල පොලිසිය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය නවතා සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

එලෙස අත්අඩංගුවට ගත් පුද්ගලයා කොහුවල පොලිසියට අනුයුක්තව සේවය පොලිස් නිලධාරියෙක් බවට පසුව හඳුනාගෙන ඇති බවයි වාර්තා වුණේ.

සිදුකළ විමර්ශන වලදී අනාවරණය වී ඇත්තේ අදාළ යතුරුපැදියේ කිසිදු ලේඛනයක් එම පොලිස් නිලධාරියා සතුව නොමැති බවත් එය ඔහුට අයත් එකක් නොවන බවටයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජී.එල්ගේ කිහිල්ලේ මයිලුත් නෑ - ලැජ්ජා නැද්ද.. අටපිරිකර උස්සගෙන යනවා
10:03
Video thumbnail
මරික්කාර්ට ඕන විදිහට කරන්න දීලා ආණ්ඩුවේ කට්ටිය බම්බු ගහනවද..?
10:50
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.08.11
01:36:46
Video thumbnail
Dasatha Vimasuma| අනුර ජනාධිපති සුපිරි වැඩක් කරන්නේ..එල්ලුම් ගහට කලින් ඇමතිලා අල්ලන්න ඕනේ
03:47
Video thumbnail
තවත් මිනිහෙක් ගොඩ යනවට අකමැති අපේ ලංකාවේ මිනිස්සු
01:13
Video thumbnail
බදුල්ල බන්ධනාගාරය තුළ හදිසි තත්ත්වයක් ?
01:13
Video thumbnail
මේ මන්ත්‍රීවරයා පැහැදිලිවම අධිකරණයට අපහාස කිරීමක් කළේ - නීතිඥයින්ගෙන් හෙළිදරව්වක්
07:41
Video thumbnail
Dasatha Vimasuma| එල්ලුම් ගහ ක්‍රියාත්මක කරන්න ඕනි - දැක්කනේ හාමුදුරුවෝ එළියට ආපු හැටි
02:54
Video thumbnail
Dasatha Vimasuma| ඒකාබද්ධ කිය කියා රැස්වීම් තිබ්බට වැඩක් නැහැ..කට වැඩ උන්ගේ අත වැඩ නැහැ
02:43
Video thumbnail
ජනපති ප්‍රධානත්වයෙන් පැවැත්වූ මහාමාර්ග අමාත්‍යාංශයේ අයවැය සාකච්ඡාව
01:30