රුසියානු විදේශ කටයුතු නියෝජ්‍ය ඇමති ලබන 31 වැනිදා මෙරටට

රුසියානු සමූහාණ්ඩුවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ඇන්ඩ්‍රි රුඩෙන්කෝ මෙරටට පැමිණීමට නියමිතව බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසනවා.

ශ්‍රී ලංකාව සහ රුසියාව අතර පැවැත්වෙන 11 වන ද්විපාර්ශ්වික දේශපාලන උපදේශන රැස්වීමට ද ඔහු, සහභාගී වීමට නියමිතයි.

ඒ අනුව ඔහු ලබන 31 වෙනිදා දිවයිනට පැමිණීමට නියමිත බවයි විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කර ඇත්තේ.