සොරාගත් ත්‍රී රෝද රථ වලින් රන්මාල කොල්ලකෑ අයෙක් අල්ලයි

සොරාගත් ත්‍රී රෝද රථ වලින් ගොස් කාන්තාවන්ගේ රන්මාල සහ අත් බැග් කොල්ලකෑමේ යෙදුණු පුද්ගලයකු හොරේතුඩුව පාලම අසලදී හොරයින් මත්කුඩු සමඟ අත්අඩංගුවට ගත් බව පානදුර පොලිසිය පවසයි.

සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී එලෙස සොරා ගෙන තිබූ ත්‍රී රෝද රථ දෙකක්, රන්මාල තුනක්,හොරයින් මත්කුඩු ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 10 ක් පොලිස් භාරයට ගෙන තිබෙනවා.

ඉකුත් දින කීපය තුළ පානදුර උතුර, අලුබෝමුල්ල හා වාද්දුව ප්‍රදේශවල ත්‍රිරෝද රථ වලින් සැරිසරමින් මහ මග ගමන් ගන්නා කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල සහ අත්බෑග් කොල්ල කෑමේ නිරත පුද්ගලයන් දෙදෙනකු සම්බන්ධයෙන් පානදුර උතුරු පොලිසියට ලද තොරතුරකට අනුව සැකකරු ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම සැකකරුගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී දෙහිවල ප්‍රදේශයෙන් ත්‍රී රෝද රථ දෙකක් සොරා ගැනීම සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිස් නිලධාරියකු පැවැසීය.

කොල්ලකෑමට සම්බන්ධ තවත් පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය පරීක්ෂණ පවත්වයි .

අත්අඩංගුවට ගත් සැකකරු වයස අවුරුදු තිහක් වන මොරටුමුල්ල පදිංචිකරුවෙක්.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බොරැල්ලේ උණුසුම් තත්ත්වයක්.."බෝ#බ ගෙනාපු අය නිදැල්ලේ..පරීක්‍ෂණ යට ගැ#වා"
09:05
Video thumbnail
අම්මා කෙනෙක් හැටියට කොට්ටහච්චි ලැජ්ජා වෙන්න ඕනි..සුගීෂ්වර හොඳම එකෙන් දෙසයි
03:58
Video thumbnail
OIC තමන්ගේ නිල කාමරයේදීම කතකට කළ නොමනා ක්‍රියාව.."මගේ නළල ඉඹලා මාව Room එකට අරන් ගියා"
27:20
Video thumbnail
නාමල්ගෙන් ජනපති අනුරට සත්තමක්..සජබ - එපාජ එකතු වුණොත් පොහොට්ටුවත් එකතු වෙන්න ලෑස්තියි..?
04:13
Video thumbnail
කාලගුණය ගැන විශේෂ අනාවරණයක්
02:55
Video thumbnail
අසේල, කොට්ටහච්චිට හොඳම එකෙන් අමතයි.."මතුගමට උගණ්ඩා කුමරි අගමැතිව දොට්ට දාන සැලැස්ම ඉක්මන් කළා"
03:08
Video thumbnail
මෑත ඉතිහාසයේ වාර්තා කරපු ඉහළම ආදායම වාර්තා කළා..2026 වර්ෂය තීරණාත්මක වසරක් වෙනවා කියලා විශ්වාසයි..
07:09
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම
00:49
Video thumbnail
වැස්ස මදිවට හදිසියේම ආ ඝන මීදුම..යාපනය - නුවර ප්‍රධාන මාර්ගය අධික මීදුමකින් වැසී යයි
01:23
Video thumbnail
"කොණ්ඩේ නැති අයට දෙන්න හිතුනා මට"..පිළිකා රෝගීන් හට හිසකෙස් දන්දීමේ වැඩසටහනක්
05:01


?