සොරකම් රැසකට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් අත්අඩංගුවට

රන් මාල සහ ත්‍රීරෝද රථයක් කොල්ලකෑමට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

පිටකොටුව පොලිස් වසමේ හෙට්ටිවීදිය ප්‍රදේශයේ ඊයේ (27) රාත්‍රියේ සෝදිසි මෙහෙයුමක යෙදී සිටි පිටකොටුව පොලීසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් රන් භාණ්ඩ අලෙවි කිරීමට පැමිණ සිටි සැකකටයුතු පුද්ගලයින් තිදෙනෙක් එලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 23, 29 හා 32 යන වයස්වල පසුවන එගොඩඋයන සහ මිද්දෙණිය ප්‍රදේශවල පදිංචිකරුවන්ය.

සැකකරුවන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීම්වලදී ඔවුන් විසින් ඇඹිලිපිටිය පොලිස් වසමේ රියදුරුට පහරදී කොල්ලකන ලද ත්‍රීරෝද රථයක් යොදාගෙන කළුතර උතුර, දකුණ හා ගම්පහ යන පොලිස් වසම්වල සිදුකරන ලද කොල්ලකෑම් රැසක් අනාවරණය වී තිබේ.

කාන්තාවන්ගේ ගෙල බැඳි රන් මාල සොරකම් රැසක් පිළිබඳව ද එහිදී තොරතුරු ලැබී ඇත.

කොල්ලකන ලද ත්‍රීරෝද රථය ඉන්ධන අවසන්වීම හේතුවෙන් කළුතර උතුර පොලිස් වසමේ දමාගොස් තිබිය දී පොලීසිය සොයාගෙන තිබේ.පිටකොටුව පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?