සොබාදනවි පළමු අදියර ජනපති සුරතින් මහජන අයිතියට

සොබාදනවි විදුලි බලාගාරයේ පළමු අදියර ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ සුරතින් විවෘත කෙරුණා.

අද (28) පෙරවරුවේ ජනාධිපති, විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර ඇතුළු පිරිසකගේ සහභාගීත්වයෙන් නව විදුලි බලාගාරය විවෘත කරනු ලැබුවා.

ජනාධිපතිවරයා විසින් සොබාදනවි විදුලි බලාගාරය මෙරට විදුලි උත්පාදනයට එක් කළ බවට නිල වශයෙන් සංකේතවත් කරමින් සමරු ඵලකය ද විවෘත කිරීම සිදු කළා.

සොබාදනවි යනු මෙරට ඉදිවන පළමු ස්වාභාවික ද්‍රව වායු බලාගාරය (LLNG) ලෙසයි ඉතිහාසගත වන්නේ.

කෙරවලපිටියේ “සෝබාධනවි” විදුලි බලාගාරයෙන් මෙගාවොට් 350ක් ජාතික විදුලි පද්ධතියට මෙලෙස අද දිනයේ දී එක් කෙරුණා.

අමෙරිකානු ඩොලර් මිලියන 220ක වටිනාකමකින් යුත් ව්‍යාපෘතියක් වන සොබාදනවි බලාගාරයේ මෙහෙයුම් හා නඩත්තු කොන්ත්‍රාත්කරු ලක්දනවි විදුලි බලාගාරය වන අතර සොබාදනවි සමාගම ව්‍යාපෘතියෙහි භාරකරු වනවා.

LTL සමාගම 1996 වසරේ සිට බංග්ලාදේශය, නේපාලය හා මාලදිවයින වැනි රටවල්වල විශාල ප්‍රමාණයේ විදුලි ව්‍යාපෘති සිදු කරන මෙරට සමාගමක් වීම ද මෙහි විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44