Empty Ad
AFC Banner
Empty Ad

සේවක අර්ථසාධක අරමුදලේ මුදල් ගැන අධිකරණයෙන් නියෝගයක්

දේශීය ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩපිළිවෙළ යටතේ සේවක අර්ථසාධක අරමුදලේ මුදල් භාණ්ඩාගාර බිල්පත්වල සහ බැඳුම්කරවල ආයෝජනය කිරීමේ දී ගෙවනු ලබන පොලී අනුපාතය 9% දක්වා අඩු කිරීමට පසුගිය රජය ගෙන තිබූ තීරණය අභියෝගයට ලක් කරමින් ගොනුකර තිබූ පෙත්සම් 04ක් විභාගයට ගැනීමට අවසර දීමකින් තොරවම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කර තිබෙනවා.

දසත අධිකරණ වාර්තාකරු පැවසුවේ; ප්‍රීති පද්මන් සූරසේන, අචල වෙන්ගප්පුලි, කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල ඉදිරියේ එම පෙත්සම් අද (30) කැඳවනු ලැබූ බවයි.

එහිදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් විරාජ් දයාරත්න මහතා, ජනාධිපති නිතිඥ එරාජ් ද සිල්වා ඇතුලු නීතිඥ මණ්ඩලයක් ඉදිරිපත් කළ මුලික විරෝධතා පිළිගත් විනිසුරු මඩුල්ල නියෝග කළේ පෙත්සම් නිෂ්ප්‍රභ කිරීමටයි.

කටුනායක නිදහස් වෙළෙඳ කලාපයේ සේවක සංගමය ඇතුළු පාර්ශ්ව හතරක් එම පෙත්සම් ගොනු කර තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
1
+1
0
+1
2
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තෙල් මිල අඩු වුණ නිසා අනතුරු වෙනවා වැඩියි ගැමුණු මාධ්‍ය හමුවේ රටටම කියයි
Video thumbnail
කාලෙකට පස්සේ සජබේ ප්‍රසාද් කරපු සුපිරි කතාව
27:34
Video thumbnail
මාලිමා රැළියකටවත් නැති සෙනඟක් නාමල්ගේ රැළියේ
05:01
Video thumbnail
ත්‍රී රෝද රථ සංගම් ආණ්ඩුවට දාපු සද්දේ - තෙල් අඩු කළාට ත්‍රීවිල් ගාස්තු අඩු කරන්නේ නෑ
08:01
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
00:59
Video thumbnail
සජිත්ව ළඟ තියාගෙන හිරුණිකා අමතයි - හිරුණිකාගේ කතාවට සජිතුත් හොල්මන්
16:13
Video thumbnail
ෂෙඩ්වල පෝලිම් - මිනිස්සු යකා නටයි - ආණ්ඩුවට ### කියලා බනියි
06:28
Video thumbnail
වාහන 04ක් එකිනෙක ගැටුණු බිහිසුණු අනතුරේ සජීවී දර්ශන
04:57
Video thumbnail
අඩු වූ ප්‍රෙට්‍රල් මිල ගැන මිනිස්සු කියන කතා මෙන්න
06:57
Video thumbnail
සජිත් වේදිකාව දෙක කරමින් කරපු කතාව
17:43

?