සේවකයෙකුගේ පහරකෑමට ලක් වූ සැපයුම් නිලධාරිගේ වැඩ තහනම්

එප්පාවල පොස්පේට් සමාගමේ සේවකයෙකුගේ පහරකෑමට ලක් වූ එහි සැපයුම් නිලධාරියාගේ වැඩ තහනම් කර තිබෙනවා.

පහර දුන් සේවකයාට කිසිදු විනය ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බවයි පහර කෑමට ලක් වූ නිලධාරියා පවසන්නේ.

රාජ්‍ය අමාත්‍ය චාමර සම්පත් දසනායක මහතා පසුගිය 17 වනදා එප්පාවල පොස්පේට් සමාගමේ නිරීක්ෂණ චාරිකාවක නිරත වුණා. එහිදී එම ආයතනයේ සේවකයෙකු සැපයුම් නිලධාරී එස්.ඒ අබේසිරි මහතාට චෝදනා කරමින් පහරදී තිබුණා.

ඒ ඇඹරුම් යන්ත්‍රයක් සදහා අමතර කොටසක් ගෙන්වීමේ දී අදාළ නොවන වර්ගයේ කොටසක් ගෙන් වූ බවට චෝදනා කරමින්.

එය ගෙන්වා මාස කිහිපයක් ගතවී ඇතත් තවමත් මාරු කර අවශ්‍ය අමතර කොටස ගෙන්වා නැති බවටයි සැපයුම් නිලධාරියාට චෝදනා එල්ල වූයේ.

එහිදී අදාළ ගැටුම සිදුවී තිබුණා.

මෙහිදී සේවකයෙකුගේ පහරකෑමට ලක් වූ සැපයුම් නිලධාරියා ඒ සම්බන්ධයෙන් එප්පාවල පොලිසියට පැමිණිලි කර තිබෙනවා.

එය අද දිනයේදී විභාගයට ගැනීමෙන් අනතුරුව පැමිණිල්ල සමත මණ්ඩලයට යොමු කිරීමට පොලිසිය කටයුතු කර ඇති බවයි සැපයුම් නිලධාරී එස්.ඒ අබේසිරි මහතා පවසන්නේ.

ඊට තම විරෝධය පළ කරන අතර අධිකරණමය ක්‍රියාමාර්ග ගන්නා බව ඔහු සඳහන් කළා.

Eppawala
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
2
+1
9
+1
1
+1
2
+1
0
+1
6
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29
Video thumbnail
නාමල්ගේ අසූචිවලින්ද වගාව හදන්නේ..කුමාරවරු ඔක්කොම එකතුවෙලා මඩිය තර කරගන්නවා
05:51
Video thumbnail
ගම්මන්පිලගේ පොත ගැන මුජිබුර්ගෙන් ප්‍රබල හෙළිදරව්වක්..එක එක්කෙනා බේරගන්න කරන Project එකක් මේ
10:36
Video thumbnail
සජබ සෙට් එකක් ගමක් පිරිවරාගෙන ගිහින් දේව කන්නලව්වක් කළ අයුරු.."අනුර භංගවේවා" කියලා කට්ටිය පොල් ගහයි
03:45
Video thumbnail
උත්සව සමයේ තෙල් මිල වෙනස් වීමක් වෙයිද ?..මුල් සතිය ඇතුළත සේරම තෙල් නැව් ටික ළඟා වෙනවා
03:35
Video thumbnail
වසන්තටයි, ලාල්කාන්තටයි අනුරාධ දැම්ම සැර සත්තම..ගොවියාට කෙලියෝ කෙලියෝ කෙලියෝ..මේක පාන්ඩුවක්
07:41
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43