AFC Banner
AFC Banner
Empty Ad

සේවකයන් රඳවා ගන්න නීති විරෝධී වැඩක් කළ හෝටල් හිමිකරු

වෙනත් පුද්ගලයින්ට අයත් ජාතික හැඳුනුම්පත් 09ක් සහ ගුවන් ගමන් බලපත්‍ර 02ක් ළඟ තබා ගැනීමේ චෝදනා මත හෝටල් හිමිකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තම හෝටලයේ සේවය සඳහා පැමිණෙන සේවකයන්ට අයත්, ජාතික හැඳුනුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය සැකකරු
විසින් සිය භාරයට ගෙන ඇති අතර සේවකයා එම හෝටල් සේවයෙන් ඉවත්ව යන්නේ නම් සැකකරුට රුපියල් 7000ක මුදලක් ලබාදී හැදුනුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය ලබාගත යුතුව තිබී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරුට අයත් හෝටලයේ සේවය කර ඉවත්ව යන සේවකයෙකු, ඔහුට අයත් ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ සැකකාර හෝටල් හිමියා පැමිණිලිකාර සේවකයාගෙන් ද රුපියල් 7000ක මුදලක් ඉල්ලා තිබෙනවා.

එම මුදල ලබා දීමට අකමැත්ත ප්‍රකාශ කළ හෝටල් සේවකයා, තම ජාතික හැදුනුම්පත සේවය කළ හෝටලයේ හිමිකරු බලහත්කාරෙන් රඳවා තබාගෙන සිටින බවට යක්කල පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ.

එම විමර්ශනයේදී හැඳුනුම්පත් නවයක් සහ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන රැල්ල නාමල්ට කැරකෙයි - සෙල්ෆි ගන්න ආච්චිලත් පොරකයි
03:17
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
05:29:12
Video thumbnail
මන්ත්‍රීවරුන්ට නැවත අවි ලබා දීමේ සුදානමක් ? පාඨලී ආන්දෝලනාත්මක ප්‍රකාශයක් කරයි
12:14
Video thumbnail
ඩිෆෙන්ඩරෙන් ඇවිත් යායට වෙ#තිබ්බා...#1million #viralvideo
01:32
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ
00:58
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03

?