සේවකයන් රඳවා ගන්න නීති විරෝධී වැඩක් කළ හෝටල් හිමිකරු

වෙනත් පුද්ගලයින්ට අයත් ජාතික හැඳුනුම්පත් 09ක් සහ ගුවන් ගමන් බලපත්‍ර 02ක් ළඟ තබා ගැනීමේ චෝදනා මත හෝටල් හිමිකරුවෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

තම හෝටලයේ සේවය සඳහා පැමිණෙන සේවකයන්ට අයත්, ජාතික හැඳුනුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය සැකකරු
විසින් සිය භාරයට ගෙන ඇති අතර සේවකයා එම හෝටල් සේවයෙන් ඉවත්ව යන්නේ නම් සැකකරුට රුපියල් 7000ක මුදලක් ලබාදී හැදුනුම්පත හෝ ගුවන් ගමන් බලපත්‍රය ලබාගත යුතුව තිබී ඇති බවටයි හෙළිවී ඇත්තේ.

සැකකරුට අයත් හෝටලයේ සේවය කර ඉවත්ව යන සේවකයෙකු, ඔහුට අයත් ජාතික හැඳුනුම්පත ඉල්ලා සිටි අවස්ථාවේ සැකකාර හෝටල් හිමියා පැමිණිලිකාර සේවකයාගෙන් ද රුපියල් 7000ක මුදලක් ඉල්ලා තිබෙනවා.

එම මුදල ලබා දීමට අකමැත්ත ප්‍රකාශ කළ හෝටල් සේවකයා, තම ජාතික හැදුනුම්පත සේවය කළ හෝටලයේ හිමිකරු බලහත්කාරෙන් රඳවා තබාගෙන සිටින බවට යක්කල පොලිසියට කළ පැමිණිල්ලක් අනුවයි පරීක්ෂණ ආරම්භ වී ඇත්තේ.

එම විමර්ශනයේදී හැඳුනුම්පත් නවයක් සහ ගුවන් ගමන් බලපත්‍ර දෙකක් සමඟ අදාළ සැකකරු අත්අඩංගුවට ගනු ලැබුවා.

සැකකරු ගම්පහ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජන අරගලය ව්‍යාපාරයේ විරෝධතා අතර අත්අඩංගුවට ගත් 6 දෙනා අධිකරණයට
01:35
Video thumbnail
වගකිව යුතු බලධාරීන්ගේ අවධානයට! රක්ෂිතයට කර්මාන්තශාලා අපද්‍රව්‍ය බැහැර කරයි
01:23
Video thumbnail
ගමේ මිනිස්සුම පාරට බැහැලා මුළු ගමටම දුන්න සුපිරි සුද්දය
01:05
Video thumbnail
අලියෙක් ආහාර සොයා වාහනය පැත්තට දුවගෙන එන හැටි
00:38
Video thumbnail
ඕලුගල ඉදිරියේ නිලධාරින් මෙහෙයුම කළ හැටි හෙළිකරයි
01:05
Video thumbnail
මෙරට මුහුදු සීමාවේ අනවසර ධීවර කටයුතු සිදු කළ ඉන්දීය ධීවරයින් පිරිස නාවික හමුදාවෙන් අල්ලගනී
00:25
Video thumbnail
කථානායකට එරෙහිව විපක්ෂයෙන් විශ්වාසභංගයක් ? කථානායක නිල නිවසේ පොත්පත් අතුරුදන්
03:58
Video thumbnail
අපේ ජනාධිපති එක්සත් ජාතීන්ගේ මහ සමුළුවට සහභාගි නොවුණ නිසාද අමෙරිකාව තර්ජනය කරන්නේ ?
04:52
Video thumbnail
රටම එකට කිව්වට පොලිසිය එකට නෑ - මෙච්චර ඇල්ලුවත් මහපොළොවේ අයිස් තියෙන්නේ ඇයි ?
07:16
Video thumbnail
හිටපු ඇමතිත් ඉන්න ඇමතිත් කරන කතාවකින්ම සූර්ය විදුලිබලය බිඳ වැටෙනවා - පද්ධතිය සම්පූර්ණයෙන් බිඳවට්ටලා
07:16