AFC Banner
Empty Ad
Empty Ad

සෙනසුරු ග්‍රහයා හඳෙන් වැසෙයි

සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් වැසී යාමේ දුලබ දසුනක් දැක ගැනීමට අද (25) අලුයම ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව උදාවුණා.

යළිත් මෙවන් අසිරිමත් දසුනක් ශ්‍රී ලංකාවට දිස්වන්නේ තවත් වසර 13කින් බවයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ.

සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගේ පිටුපසින් ගමන් කිරීමත් සමඟ එම ග්‍රහලෝකය පෘථිවියට නොපෙනී යාමේ දුලබ සිදුවීමක් අද අලුයම දැකබලා ගැනීමට ශ්‍රී ලංකා වාසීන්ට හැකියාව උදාවුණා.

අද අලුයම 12.50ට මෙම ක්‍රියාවලිය ආරම්භ වූ අතර පැයකුත් විනාඩි 20ක කාලයක් ඒ අනුව සෙනසුරු ග්‍රහයා පෘථිවියට දර්ශනය වූයේ නැහැ.

එම කාලය තුළ චන්ද්‍රයා පිටුපසින් ගමන් කළ සෙනසුරු ග්‍රහයා අනෙක් පසින් යළි දර්ශනය වූයේ අද අලුයම 2.10ට පමණ.

මෙම අසිරිමත් අවස්ථාව දැක බලාගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව උදාවූ අතර ඒ සඳහා විශේෂ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබුණා.

ඊට අමතරව සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් ආවරණයවීමේ අවස්ථාව දැක බලාගැනීමට දිවයින පුරා ජනතාව තුළ තිබුණේ දැඩි උනන්දුවක්.

යළිත් මෙවන් අසිරිමත් අවස්ථාවක් දැක බලාගැනීමට ශ්‍රී ලංකා වාසීන්ට අවස්ථාව උදාවන්නේ 2037 අප්‍රේල් 24 වැනිදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
17
+1
5
+1
5
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?