සෙනසුරු ග්‍රහයා හඳෙන් වැසෙයි

සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් වැසී යාමේ දුලබ දසුනක් දැක ගැනීමට අද (25) අලුයම ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව උදාවුණා.

යළිත් මෙවන් අසිරිමත් දසුනක් ශ්‍රී ලංකාවට දිස්වන්නේ තවත් වසර 13කින් බවයි ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානය පවසන්නේ.

සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගේ පිටුපසින් ගමන් කිරීමත් සමඟ එම ග්‍රහලෝකය පෘථිවියට නොපෙනී යාමේ දුලබ සිදුවීමක් අද අලුයම දැකබලා ගැනීමට ශ්‍රී ලංකා වාසීන්ට හැකියාව උදාවුණා.

අද අලුයම 12.50ට මෙම ක්‍රියාවලිය ආරම්භ වූ අතර පැයකුත් විනාඩි 20ක කාලයක් ඒ අනුව සෙනසුරු ග්‍රහයා පෘථිවියට දර්ශනය වූයේ නැහැ.

එම කාලය තුළ චන්ද්‍රයා පිටුපසින් ගමන් කළ සෙනසුරු ග්‍රහයා අනෙක් පසින් යළි දර්ශනය වූයේ අද අලුයම 2.10ට පමණ.

මෙම අසිරිමත් අවස්ථාව දැක බලාගැනීමට ශ්‍රී ලංකාවාසීන්ට අවස්ථාව උදාවූ අතර ඒ සඳහා විශේෂ නිරීක්ෂණ මධ්‍යස්ථානයක් ආතර් සී. ක්ලාක් මධ්‍යස්ථානයේ ස්ථාපිත කර තිබුණා.

ඊට අමතරව සෙනසුරු ග්‍රහයා චන්ද්‍රයාගෙන් ආවරණයවීමේ අවස්ථාව දැක බලාගැනීමට දිවයින පුරා ජනතාව තුළ තිබුණේ දැඩි උනන්දුවක්.

යළිත් මෙවන් අසිරිමත් අවස්ථාවක් දැක බලාගැනීමට ශ්‍රී ලංකා වාසීන්ට අවස්ථාව උදාවන්නේ 2037 අප්‍රේල් 24 වැනිදායි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
2
+1
17
+1
5
+1
5
+1
3
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
🔴වත්මන් කාලගුණ තත්ත්වය පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ මාධ්‍ය සාකච්ඡාව..
26:26
Video thumbnail
මහින්දගේ කාලයේ හදපු පාලමක්.."අපේ ඇදේ තියෙන්නේ මීට වඩා හොඳ ලී"මේ පාලම දිරලා
03:17
Video thumbnail
සනත් නිශාන්තගේ සොහොයුරා හැඬූ කඳුලින් වසර පහ හමාරකට සිපිරිගෙට ගිය හැටි
01:16
Video thumbnail
මේවා මොල නෙවෙයි මොල ගෙනාපු නැව්නේ..මුදල් විතරක් නෙවෙයි කෑමත් උස්සපු සොරදෙටුවා
03:16
Video thumbnail
සජිත් කුපිත වී කට උත්තර නැතිවෙන්න කියයි..බොරුවෙන් ආණ්ඩු කරන්න එපා..බොරු දත්ත තියෙන්නේ
06:43
Video thumbnail
කාසිංගමට ගිය සජිත් හිනාවේවි අහපු දේ.."පිස්සුනේ..මාසයක් තියා සතියක් කන්න බෑනේ"
02:25
Video thumbnail
DV චානක කොමිසමට කළ ඇස් උඩයන හෙළිදරව්වේ පැමිණිල්ලේ තිබූ කරුණු මෙන්න
07:55
Video thumbnail
අඳුරුව පැවති කොළඹට අද අව් රශ්මිය වැටී ඇති අයුරු
01:02
Video thumbnail
විපක්ෂයේ පූ ඝෝෂාවලටනම් අපි යටත් නෑ..හොරු එක්ක එකතුවෙලා පච වපුරන්න එපා
03:48
Video thumbnail
මේක බැසිල්ගේ ඉඩම ඒකයි විපක්ෂය කළබලවෙන්න හේතුව..ඉසුරුපායට ගිය අන්තරේට වෙච්ච දේ
05:36