2023-2042 දිගුකාලීන ජනන ව්‍යාපෘති සැලැස්මට අනුව වර්ෂ 2030 වන විට බලශක්ති අවශ්‍යතාවයෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන් සපුරා ගැනීම රජයේ ප්‍රතිපත්තිය වනවා.
ඒ අනුව, අපේක්ෂිත විදුලි ඉල්ලුම ක්‍රමයෙන් අඩු වීම සහ පියැසි මත සවි කරන සූර්ය බලශක්ති පද්ධති ධාරිතාව මෑතකාලීනව ශීඝ්‍රයෙන් වර්ධනය වීම සැලකිල්ලට ගෙන, ග්‍රිඩ් උපපොළවල් 18ක් සඳහා වෙන් කරනු ලැබිය හැකි මෙගාවොට් 152ක භූමිය මත ඉදි කෙරෙන සූර්ය ප්‍රකාශ වෝල්ටියතා ධාරිතාවක් හඳුනාගනු ලැබ ඇති බවයි කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේ දී අවධාරණය කෙරුණේ.
එකී මෙගාවොට් 152ක සමස්ත ජාල ධාරිතාව ජාත්‍යන්තර තරගකාරි ලංසු තැබීමේ ක්‍රියාවලිය සඳහා පමණක් වෙන් කිරීමටත්, ඒ සඳහා ඉදි කිරීම, අයිතිය දැරීම සහ ක්‍රියාත්මක කිරීම යන පදනම යටතේ ව්‍යාපෘති සංවර්ධකයින්ගෙන් විදුලිය ප්‍රසම්පාදනය කිරීම පිණිස යෝජනා සඳහා ඉල්ලීම් නිකුත් කිරීම මඟින් ලංසු කැඳවීමේ ක්‍රියාවලිය ආරම්භ කිරීමටත් බලශක්ති අමාත්‍යතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබුවා.





