සුරාබදු නිලධාරීන් හෙට ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවයි

තමන් හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එම සංගමයේ ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා අද අනුරාධපුරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සේවය කරන දෙපාර්තමේන්තු ගත මෙන්ම, ඒකාබද්ධ සේවාවන්හී සියලු නිළධාරීන්ට දිරි දීමනාවන් නිසි පරිදි ලබා දී නොමැති බවයි.

”මසක් ඇතුළත මෙම ක්‍රමවේදය සැකසුවේ නැත්නම් අපි නැවතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යන්න තීරණය කළා.
අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගියොත් මත්පැන් නිෂ්පාදනය කරන සියලුම කර්මාන්ත ශාලා අපේ භාරයේ තියෙන්නේ, ඒවායේ සුරාබදු ඒකක වල සේවය කරන්නේ අපේ නිළධාරීන්, ඒවායේ ආරක්ෂිත මුද්‍රා ඇළවීම ඒ සියල්ලම භාරව ඉන්නේ අපේ නිළධාරීන්, අපේ අය රාජකාරී නැවැත්වුවොත් එදිනට මත්පැන් නිෂ්පාදනය නවතිනවා.මේ දිනවල උත්සව සමය වෙනුවෙන් මත්පැන් නිෂ්පාදනය වැඩියි, සමහර ආයතන පැය 24 මත්, සමහර ආයතන පැය 16 කුත් වැඩ කරනවා.අපි ගණන් බලා තියෙන විදිහට දිනකට කෝටි 100 ත් කෝටි 110 ත් අතර මුදලක් සුරා බදු ආදායම් ලෙස එකතු වෙනවා.ඊට අමතරව වැටලීම් ක්ෂ්‍රේත්‍රයේ නිළධාරීන් 700 ක් පමණ සේවයේ යෙදී ඉන්නවා.විෂ මත්ද්‍රව්‍යය වැටලීම්, විෂ මත්පැන් වැටලීම්, බලපත්‍ර ස්ථාන අධීක්ෂණ කටයුතු සිදු කරනවා.ඒ හරහා සැලකිය යුතු දඩ මුදලක් රජයට අප හරහා ලැබෙනවා.අපි වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹුනහොත් මෙම දඩ මුදල් මෙන්ම, බදු මුදල්ද රජයට අහිමි වනවා. ඒ නිසා අපි අප්‍රේල් 06 වැනි දින ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩවර්ජයන නවත්වන්න තීරණය කළා යැයි ඔහු පැවසීය.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
3
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මුන් කැලේ හිටියේ - පන්සලේ සිවුරට පිහිට වෙලා ජීවිත බේරාගත්තේ
08:03
Video thumbnail
ආනන්ද පාලිතගෙන් විමල්ට සැර සත්තමක්.."කඩේ යන එකත් සීමාවක් තියාගන්න..අපිව අන්ධන්න එපා"
06:21
Video thumbnail
අලුත් වාහනයක් ගන්න මිනිස්සු හොයාගෙන එන විශ්වාසය දිනූ එකම තැන Intimate Lanka (PVT) LTD
15:02
Video thumbnail
දිට්වා සුළි කුණාටුවෙන් විනාශ කළ ප්‍රධාන මාර්ග බැලිමට NBRO නිලධාරින් එයි
03:13
Video thumbnail
මාලිමාවට හරිනි හිසරදයක් වෙලා - පැලවත්තෙන් තමයි රට පාලනය කරන්නේ
17:06
Video thumbnail
බන්ධනාගාරය අපරාධකායෝ බිහිකරන ෆැක්ටරියක්..ජ්‍යෙෂ්ඨ නි.පොලිස්පතිගෙන් ප්‍රබල හෙළිදරව්වක්
14:02
Video thumbnail
"අපේ බහුතරය අපි සහතික කළා"කොළඹ නගර සභාවේ මුදල් කාරක සභාවේ බලය ඒකාබද්ධ විපක්ෂයට
08:17
Video thumbnail
හිටපු ජනාධිපති රනිල් මහ සෙනඟක් එක්ක රුවන්වැලි මහාසෑයට හා ශ්‍රී මහා බෝධියට යයි
00:34
Video thumbnail
බදුල්ල දිස්ත්‍රික් කම්කරු කාර්යාලයේ බෝ#බ බියක්..කාර්යාලයේ නිලධාරින් ඔක්කොම ඉවත් කරයි
01:02
Video thumbnail
දිට්වා කරපු විනාශය නිසා සිරවී තිබෙන දුම්‍ රිය..හදිස්සියට ලෙඩෙක්වත් අරන් යන්න බැහැ..ගොඩක් අසරණවෙලා
08:28


?