සුරාබදු නිලධාරීන් හෙට ආරම්භ කිරීමට නියමිතව තිබූ වර්ජනය අත්හිටුවයි

තමන් හෙට (06) ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ එක්දින සංකේත වැඩවර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තු වෘත්තීය සමිති එකමුතුව පවසනවා.

එම සංගමයේ ලේකම් නිරෝෂ් ජයකොඩි මහතා අද අනුරාධපුරයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පැවසුවේ ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව තුළ සේවය කරන දෙපාර්තමේන්තු ගත මෙන්ම, ඒකාබද්ධ සේවාවන්හී සියලු නිළධාරීන්ට දිරි දීමනාවන් නිසි පරිදි ලබා දී නොමැති බවයි.

”මසක් ඇතුළත මෙම ක්‍රමවේදය සැකසුවේ නැත්නම් අපි නැවතත් වෘත්තීය සමිති ක්‍රියාමාර්ග වලට යන්න තීරණය කළා.
අපි වෘත්තීය ක්‍රියාමාර්ගයකට ගියොත් මත්පැන් නිෂ්පාදනය කරන සියලුම කර්මාන්ත ශාලා අපේ භාරයේ තියෙන්නේ, ඒවායේ සුරාබදු ඒකක වල සේවය කරන්නේ අපේ නිළධාරීන්, ඒවායේ ආරක්ෂිත මුද්‍රා ඇළවීම ඒ සියල්ලම භාරව ඉන්නේ අපේ නිළධාරීන්, අපේ අය රාජකාරී නැවැත්වුවොත් එදිනට මත්පැන් නිෂ්පාදනය නවතිනවා.මේ දිනවල උත්සව සමය වෙනුවෙන් මත්පැන් නිෂ්පාදනය වැඩියි, සමහර ආයතන පැය 24 මත්, සමහර ආයතන පැය 16 කුත් වැඩ කරනවා.අපි ගණන් බලා තියෙන විදිහට දිනකට කෝටි 100 ත් කෝටි 110 ත් අතර මුදලක් සුරා බදු ආදායම් ලෙස එකතු වෙනවා.ඊට අමතරව වැටලීම් ක්ෂ්‍රේත්‍රයේ නිළධාරීන් 700 ක් පමණ සේවයේ යෙදී ඉන්නවා.විෂ මත්ද්‍රව්‍යය වැටලීම්, විෂ මත්පැන් වැටලීම්, බලපත්‍ර ස්ථාන අධීක්ෂණ කටයුතු සිදු කරනවා.ඒ හරහා සැලකිය යුතු දඩ මුදලක් රජයට අප හරහා ලැබෙනවා.අපි වර්ජන ක්‍රියාමාර්ගයකට එළැඹුනහොත් මෙම දඩ මුදල් මෙන්ම, බදු මුදල්ද රජයට අහිමි වනවා. ඒ නිසා අපි අප්‍රේල් 06 වැනි දින ක්‍රියාත්මක කිරීමට තිබූ වැඩවර්ජයන නවත්වන්න තීරණය කළා යැයි ඔහු පැවසීය.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පාර්ලිමේන්තු සජීවි විකාශය - 2026.10.08
00:00
Video thumbnail
රනිල් සිංගප්පූරුවේ ඉදලා ඥානසාර හිමි වෙනුවෙන් එවූ පණිවිඩය - ජාතියක් හැටියට කම්පනයට ලක්වූ අවස්ථාවක්
05:05
Video thumbnail
මාලිමා මන්ත්‍රීට කට උත්තර නැති කළ හෙක්ටර් - මට හොඳ ජාතකයක් තියෙනවා..සිංහල හොඳ එකෙක්
07:20
Video thumbnail
අර්චුනා නැගිටලා සමන්මලීට සැරටම පාඩම් කියලා දෙයි - කරුණාකරලා උගන්නලා පුටුවේ ඉන්දවන්න
01:02
Video thumbnail
ඥානසාර හිමිගේ සිවුර අයින් කිරීම ගැන ලොකු කණගාටුවක් තියෙනවා - හද කම්පාවන සිද්දියක් ඊයේ වුණේ
04:53
Video thumbnail
මාලිමා මන්ත්‍රී අත්අඩංගුවට ගත් අනතුරේ තොරතුරු හෙළිවෙයි - දැකපු මනුස්සයෙක් සියල්ල කියයි
02:16
Video thumbnail
වන සංරක්ෂන නිලධාරින් හා ගම්වාසීන් අතර උණුසුම් තත්ත්වයක් - ඔයා මොකද වීඩියෝ කරන්නේ ?
12:25
Video thumbnail
වී ලොරිය පසුපස හඹා ආ වන අලියා - අලියට බයේ රිවස් එකට ගිය වාහන
00:51
Video thumbnail
ඥානසාර හිමි ගැන දුමින්ද කට අරියි - සිවුරට ගි#නි තියන්න සූදානම් වෙන්න එපා
03:47
Video thumbnail
වන අලියා ළඟ බයික් එකේ වාඩිවෙලා විදේශිකයා ගත්ත Fun එක - කිසි බයක් නැතුව ඉන්න හැටි
00:42