සුමන්තිරන් සජිත්ට දෙන සහාය ගැන තවත් ස්ථීර කිරීමක් (නිවේදනය)

එළඹෙන ජනාධිපතිවරණයේ දී තම සහාය සහ පක්ෂයේ සහාය පෙර කියූ පරිදි ම සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට ලබාදීමේ තීරණය කිසිදු අයුරකින් වෙනස් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් මහතා පවසනවා.

සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකවරයා සඳහන් කර සිටින්නේ; පක්ෂයේ තීන්දුව සම්බන්ධයෙන් කිසිදු අස්ථාවරභාවයක් හෝ ව්‍යාකූලත්වයක් ඇති කර නොගන්නා ලෙසයි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිය තීරණය සම්බන්ධයෙන් පළමු වරට දැනුම්දුන්නේ සැප්තැම්බර් මස 01 වැනි දිනයි.

එම තීරණය සමස්ත පක්ෂය විසින් ම ගනු ලැබූවක් බවයි සුමන්තිරන් මහතා පෙන්වාදෙන්නේ.

මේ අතර දෙමළ ජාතිකවාදී ස්ථාවරය අනුව පොදු දෙමළ අපේක්ෂකයා වන පී. අරියනේන්ද්‍රන් මහතා හට සහාය පළ කළ යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චිහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කියා සිටියා.

ඒ අනුව තමන් ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් පොදු අපේක්ෂකයා හට සහාය පළ කරන බවයි ඔහු අවධාරණය කළේ.

මෙම තත්ත්වය මතයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා යළිත් සිය පක්ෂයේ මතය සමාජගත කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?