සුමන්තිරන් සජිත්ට දෙන සහාය ගැන තවත් ස්ථීර කිරීමක් (නිවේදනය)

එළඹෙන ජනාධිපතිවරණයේ දී තම සහාය සහ පක්ෂයේ සහාය පෙර කියූ පරිදි ම සමගි ජන සන්ධානයේ ජනාධිපති ධුර අපේක්ෂක සජිත් ප්‍රේමදාස හට ලබාදීමේ තීරණය කිසිදු අයුරකින් වෙනස් නොවන බව පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්දිරන් මහතා පවසනවා.

සිය නිල X ගිණුමෙහි සටහනක් තබමින් ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂ නායකවරයා සඳහන් කර සිටින්නේ; පක්ෂයේ තීන්දුව සම්බන්ධයෙන් කිසිදු අස්ථාවරභාවයක් හෝ ව්‍යාකූලත්වයක් ඇති කර නොගන්නා ලෙසයි.

ඉලංගෙයි තමිල් අරසු කච්චි පක්ෂය සිය තීරණය සම්බන්ධයෙන් පළමු වරට දැනුම්දුන්නේ සැප්තැම්බර් මස 01 වැනි දිනයි.

එම තීරණය සමස්ත පක්ෂය විසින් ම ගනු ලැබූවක් බවයි සුමන්තිරන් මහතා පෙන්වාදෙන්නේ.

මේ අතර දෙමළ ජාතිකවාදී ස්ථාවරය අනුව පොදු දෙමළ අපේක්ෂකයා වන පී. අරියනේන්ද්‍රන් මහතා හට සහාය පළ කළ යුතු බව ඉලංගෙයි තමිල් අරසු කච්චිහි පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. ශ්‍රීධරන් කියා සිටියා.

ඒ අනුව තමන් ඉදිරි ජනාධිපතිවරණයේ දී තමන් පොදු අපේක්ෂකයා හට සහාය පළ කරන බවයි ඔහු අවධාරණය කළේ.

මෙම තත්ත්වය මතයි පාර්ලිමේන්තු මන්ත්‍රී සුමන්තිරන් මහතා යළිත් සිය පක්ෂයේ මතය සමාජගත කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USS වාහන වෙන්දීසි ව්‍යාපාරයේ නිලධාරින් ලංකාවට ඇවිත් කිව්ව දේ - වාසි ගොඩක් ගන්න පුළුවන්
08:16
Video thumbnail
දූ#තයන්ට දඬුවම් දෙන එක අනාගත ආයෝජනයක් - අපිට කාත් එක්කවත් තරහක් නෑ
05:03
Video thumbnail
හදිසියේම පොත් ප්‍රදර්ශනයකට ගිය අගමැති හරිනි - කට්ටිය වටවෙලා Selfie ගහයි
01:43
Video thumbnail
ලෝක ළමා දිනය දවසේ ළමයි ඉදිරියේ ගුරුවරු දැම්ම අපූරු ඩාන්ස් එක - කොහොමද ඒ නැටුම - සුපිරියි
01:46
Video thumbnail
ලොකු පැටීගේ මල්ලි අවසන් ගමන් ගිය වෙ#ල්ල - මෙන්න එම ස්ථානයේ දර්ශන
01:09
Video thumbnail
සුරංග රත්නායකගෙන් තඹුත්තේගම මූලික රෝහලට ලක්ෂ 10ක් වටිනා පරිත්‍යාගයක්
02:21
Video thumbnail
දරුවන්ගේ සතුට බෙදාගන්න සෙනෙහසට ගිය යුද්ධ හමුදාපති
02:23
Video thumbnail
පාරේ යන හැම වාහනයක්ම තමන්ගේ නමටම තියන්න ඕනේ ද..?
01:26
Video thumbnail
සැඟවී සිටින ඥානසාර හිමිව සොයාගෙන උලපනේ හිමි ළඟට ගිය CCDය
02:20
Video thumbnail
මාර පොලිසියක්නේ යකෝ මේක
02:32