සුබසාධක දීමනා අයදුම්පත් ලක්ෂ 22කට අධික ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන්

සුබසාධක ප්‍රතිලාභ ගෙවීම සඳහා සුදුස්සන් හඳුනාගැනීමේ වැඩසටහනෙහි මේ වන විට ක්‍රියාත්මක තොරතුරු සමීක්ෂණය හා තොරතුරු තහවුරු කර ගැනීමේ ක්‍රියාවලිය මගින්, ලැබී ඇති අයැදුම්පත් ලක්ෂ 22කගේ වැඩි ප්‍රමාණයක තොරතුරු තහවුරු කර ගැනීම අවසන් කර තිබෙනවා.

දිවයින පුරා ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 340කින් ලැබුණු අයැදුම්පත් ලක්ෂ 37ක සුබසාධක දීමනා ලබා දීමට සුදුසුකම් පරීක්ෂා කිරීමේ කටයුතු කඩිනමින් සිදු කරන ලෙසටයි ජනාධිපති ලේකම් සමන් ඒකනායක මහතා නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මතයි සුබසාධක ප්‍රතිලාභ ගෙවීම ක්‍රියාත්මක කරනු ලබන්නේ.

මේ අනුව දැනට තොරතුරු තහවුරු කර අවසන් කර ඇති අයැදුම්පත් අතරින් වැඩිම ප්‍රමාණයක් මාතර දිස්ත්‍රික්කයෙන් වන අතර, එය ප්‍රතිශතයක් ලෙස 82.1% ක්.

පිළිවෙළින් අම්පාර දිස්ත්‍රික්කයෙන් 78.3%ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් 74.5%ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් 73.3%ක් සහ අනුරාධපුර දිස්ත්‍රික්කයෙන් 71.7%ක් වශයෙන් සමස්ත දිවයිනම ආවරණය වන පරිදි අයැදුම්පත් 2,227,888ක තොරතුරු තහවුරු කර ගැනීම සිදුකර තිබෙනවා.

මෙම තොරතුරු සමීක්ෂණ කටයුතු මාර්තු 31 වැනිදායින් අවසන් වන බැවින් කඩිනමින් අදාළ තොරතුරු සමීක්ෂණ කටයුතු සිදු කරන නිලධාරීන් වෙත නිවැරදිව දත්ත ලබා දීමට කටයුතු කරන ලෙසටයි රජය අයැදුම්කරුවන්ගෙන් ඉල්ලීමක් කරන්නේ.

එසේම නියමිත දිනට පෙර නිවැරදි තොරතුරු සැපයීමට අපොහොසත් වන අයැදුම්කරුවන්ට සුබසාධක ප්‍රතිලාභ අහිමි විය හැකි බව රජය තවදුරටත් අවධාරණය කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොන්ද පණ නැති නායකයෙක් අපිට ඉන්නේ..පාස්කුවේ මහ මොළකරුවෙක් නෑ..ඒක මිත්‍යාවක්
06:08
Video thumbnail
ජල ගැටලුව නිසා ජනතාවත් දැඩි පහසුතාවයට..1.5km ගිහින් මූලික අවශ්‍යතා ඉටු කරගන්නේ
03:27
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44