සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට එක්සත් ජාතීන්ගේ සහාය

සුපිළිපන් රාජ්‍ය සේවයක් ගොඩනැඟීම සඳහා රජය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළට සහාය ලබාදෙන බව එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා පැවසුවා.

නිත්‍ය නේවාසික නියෝජිත අසූසා කුබෝටා මේ බව සඳහන් කළේ අද (13) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක හමු වූ අවස්ථාවේදීයි.

ඵලදායී රාජ්‍ය සේවයක් සැපයීම වෙනුවෙන් සියලුම රාජ්‍ය ආයතනවල අභ්‍යන්තර කටයුතු ඒකක (Internal Affairs Unit – IAU) පිහිටුවීමට රජය ආරම්භ කර තිබෙන වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යාම සහ කාර්ය මණ්ඩල පුහුණු කිරීම වෙනුවෙන් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ සහාය තවදුරටත් ලබාගැනීම යන කරුණු පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණා.

රාජ්‍ය ආයතන තුළ දූෂණය වැළැක්වීම, විනිවිදභාවය සහ වගවීම සහතික කිරීම, සදාචාර සම්පන්න පාලනයක් ප්‍රවර්ධනය කිරීම, අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව සමඟ සහයෝගයෙන් නීතිය බලාත්මක කිරීමට සහාය වීම මෙම ඒකක පිහිටු වීම මගින් අපේක්ෂා කෙරෙනවා.

එමෙන්ම රාජ්‍ය නිලධාරින්ගේ සදාචාරාත්මක හැසිරිම් ප්‍රවර්ධනය කරමින් රාජ්‍ය ආයතන තුළ සුපිළිපන් සංස්කෘතියක් වර්ධනය කිරීමට වැඩසටහන් හඳුන්වාදීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා කෙරුණු අතර, එම වැඩසටහන් සඳහා සහාය ලබාදීමට සූදානම් බවද අසූසා කුබෝටා මහත්මිය ජනාධිපති ලේකම්වරයා වෙත සහතික වුණා.

එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ (UNDP) ජාත්‍යන්තර විශේෂඥ සහ ආර්ථික සහයෝගීතාව සහ සංවර්ධනය සඳහා වූ සංවිධානයේ (OECD) ඉස්තාන්බුල් දූෂණ විරෝධී ක්‍රියාකාරී සැලැස්මේ සභාපති ඩ්‍රැගෝ කොස් (Drago Kos), එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහනේ දූෂණය පිටුදැකීම පිළිබඳ විශේෂඥ ධම්මික දසනායක යන අය මෙම අවස්ථාවට සහභාගීව සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ඔයා කොහොමද මාංචු දාන්නේ ? ගංජා, කුඩු නැත්තන් මොකටද උඹ අරගෙන යන්නේ..මුන්ට ග#මු ගමම එකතුවෙලා
04:47
Video thumbnail
කාටත් කරන්න බැරි සුද්දයක් තමයි අනුර දැන් කරන්නේ
12:31
Video thumbnail
මරික්කාර් ආණ්ඩුව හොඳම පදෙන් අමතයි
09:32
Video thumbnail
විපක්ෂය රට වැටෙනකම් බලාගෙන ඉන්නවා
10:20
Video thumbnail
මෙරට විශාලතම භූ ජල මූලාශ්‍රය නිසා පිටබැද්දර අවට ගම්මුන්ගේ ළිං හිදිලා..ගම්මු කුපිත වී චෝදනා කරයි
05:35
Video thumbnail
ආයේ QR එක හදාගන්න බෑ කියලා කියන්න බෑ..අප්‍රේල් මාසයේ තෙල් නැතිවීමේ සම්භාවිතාවක්ද ?
13:31
Video thumbnail
"රටේ කිසිම අර්බුදයක් නෑ" කිව්ව නි.ඇමතිට සජිත් කට උත්තර නැතිවෙන්න කිව්ව දේ
05:07
Video thumbnail
"රනිල්ට ශල්‍යකර්මයක් කරලා"රවී කතාව නවතා සංවේදී වී රනිල් ගැන කිව්ව දේ
01:43
Video thumbnail
අර්චුනා කුපිත වී හොඳටම දෙසයි..සු## කියන එකා මට කුණුහරුපෙන් බැන්නා..තාම පැමිණිල්ල බලලා නෑ
00:58
Video thumbnail
අංක ක්‍රමය ගැන ජනතාව කිව්ව දේ..අපි ආණ්ඩුවට බැනලා වැඩක් නෑ..මිනිස්සු තේරුම් ගන්න ඕනි..
01:39