AFC Banner
Empty Ad
Empty Ad

සුපිරි බසයක් හදිසියේ අළු වෙන්නම ගිනි ගනියි

කොළඹ සිට ඇඹිලිපිටිය දක්වා ගමන් කරමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් ගිනි ගැනීමකට ලක් ව තිබෙනවා.

මෙම ගිනි ගැනීම අද (10) උදෑසන 08ට පමණ රක්වාන – කවුඩුවාව ප්‍රදේශයේ දී සිදුව ඇති බවයි පැවසෙන්නේ.

ගිනි ගැනීමෙන් බස් රථය මුළුමනින් දැවී විනාශ වී තිබෙනවා.

අනතුරින් කිසිදු ජීවිත හානියක් හෝ තුවාලයක් සිදු වී නැහැ.

බස් රථය ගිනි ගැනීමට ලක්වන විට එහි මගීන් 50 දෙනෙකු පමණ ගමන් කරමින් සිට තිබෙනවා.

ගින්නට හේතුව බස් රථයෙහි ඇති වූ කාර්මික දෝෂයක් ලෙස රක්වාන පොලිසිය සැක පළ කරනවා.

සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?