සුපිරි පන්නයේ නීති විරෝධී සූදුපොළක් ගම්පොලින් වටලයි

ව්‍යාපාරිකයන්, හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු ප්‍රභූ පිරිස් එක්ව හොර රහසේ මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරතවන ස්ථානයක් ගම්පොල පොලිසිය මඟින් ඊයේ (24) රාත්‍රියේ වටලා තිබෙනවා.

ගම්පොල, අටබාගේ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නීති විරෝධී ලෙස මෙම සූදුපොළ පවතවාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වැටලීමේ දී එහි රැඳී සිටි පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවාඩු නිකේතනය සම්පූර්ණයෙන් වෙන් කරවාගෙන කාලයක සිට මෙම නීති විරෝධී සූදුපොළ පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ.

රුපියල් ලක්ෂ තුනත්, හතරත් අතර මුදලක් පෙන්වීමෙන් පසු මෙයට ඇතුළුවීමට අවසර ලබාදෙන අතර ආහාර පාන ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ද එහිදී ලබාදෙන බවට ද අනවරණය වී තිබෙනවා.

සූදුපොළට අමතරව මේ තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් ද ක්‍රියාත්මක වී ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් ගිනිගත්හේන , නාවලපිටිය, ගම්පොළ, උඩුනුවර, පේරාදෙණිය, පිළිමතලාව වැනි ප්‍රදේශවල අයවලුන් බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හමුදා කපිතාන්වරයෙකු ද සිටින අතර, ඔවුන් ගම්පොල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විමල්ගේ සත්‍යග්‍රහය ජය ඝෝෂා මැද අවසන් වෙයි
01:45
Video thumbnail
යතුරුපැදියකින් ඇවිත් මහපාරේ යන වාහනවලට ගැ#ව පුද්ගලයා අත්අඩංගුවට
01:16
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිගෙන් සමාව ගන්න
04:26
Video thumbnail
ලාල් කාන්ත මිහින්තලේ හිමිට කියූ වාග් ප්‍රහාරය නිසා කැබිනට් මාධ්‍ය හමුව රත්වෙයි..
05:40
Video thumbnail
2027 වසරට කල් දැම්ම පුවත, සත්‍යග්‍රහයේ සිට විමල් බලයි..සතුටට කට්ටිය ප්‍රීති ඝෝෂා තියයි
00:58
Video thumbnail
අපි ගත්ත තීන්දු විමල් වීරවංශට උපවාසය නවත්තන්න හේතුවක් වෙන්නේ නෑ
05:57
Video thumbnail
ලාල් කාන්තගේ ප්‍රකාශයට මිහින්තලේ හිමි CIDයට එයි
06:00
Video thumbnail
AIවලින් රටක් කරන්න බෑනේ..එහෙනම් ට්‍රම්ප් කරනවනේ..ළමයි රොබෝලා කරලා රටක් දියුණු කරන්න පුළුවන්ද?
09:16
Video thumbnail
6 ශ්‍රේණියේ අධ්‍යාපන ප්‍රතිසංස්කරණ ලබන වසරට කල් දැමේ..වගකිය යුතු නිලධාරින්ට දැඩි විනය ක්‍රියාමාර්ග
03:43
Video thumbnail
ලාල් කාන්තලාට ඒ කාලේ කන්න දුන්නේ හාමුදුරුවෝ
04:07


?