සුපිරි පන්නයේ නීති විරෝධී සූදුපොළක් ගම්පොලින් වටලයි

ව්‍යාපාරිකයන්, හමුදාවේ ඉහළ නිලධාරීන් ඇතුළු ප්‍රභූ පිරිස් එක්ව හොර රහසේ මුදල් ඔට්ටුවට සූදු ක්‍රීඩාවේ නිරතවන ස්ථානයක් ගම්පොල පොලිසිය මඟින් ඊයේ (24) රාත්‍රියේ වටලා තිබෙනවා.

ගම්පොල, අටබාගේ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක නීති විරෝධී ලෙස මෙම සූදුපොළ පවතවාගෙන ගොස් ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වැටලීමේ දී එහි රැඳී සිටි පුද්ගලයින් 20 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවයි පොලීසිය වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ නිවාඩු නිකේතනය සම්පූර්ණයෙන් වෙන් කරවාගෙන කාලයක සිට මෙම නීති විරෝධී සූදුපොළ පවත්වාගෙන ගොස් ඇති බවටයි පොලීසියට තොරතුරු ලැබී ඇත්තේ.

රුපියල් ලක්ෂ තුනත්, හතරත් අතර මුදලක් පෙන්වීමෙන් පසු මෙයට ඇතුළුවීමට අවසර ලබාදෙන අතර ආහාර පාන ඇතුළු අනෙකුත් සියලු පහසුකම් ද එහිදී ලබාදෙන බවට ද අනවරණය වී තිබෙනවා.

සූදුපොළට අමතරව මේ තුළ මත්ද්‍රව්‍ය ජාවාරමක් ද ක්‍රියාත්මක වී ඇති බවට අනාවරණ වී ඇති බවයි පොලිසිය පැවසුවේ.

අත්අඩංගුවට ගැනුණු පුද්ගලයින් ගිනිගත්හේන , නාවලපිටිය, ගම්පොළ, උඩුනුවර, පේරාදෙණිය, පිළිමතලාව වැනි ප්‍රදේශවල අයවලුන් බව සඳහන්.

මෙලෙස අත්අඩංගුවට ගත් සැකකරුවන් අතර හමුදා කපිතාන්වරයෙකු ද සිටින අතර, ඔවුන් ගම්පොල අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
3
+1
2
+1
0
+1
2
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
අනුරට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16