සුපිරි ක්‍රිකට් තරු එක්වන රෝඩ් සේෆ්ටි 20-20 තරගාවලිය මෙවර එංගලන්තයේ දී

හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් තරු සහභාගී වන විස්සයි විස්ස ලීගයක් වන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලිය වෙනුවෙන් පළමු වරට පකිස්ථානයෙන් කණ්ඩායමක් සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ තුන්වන අදියර වෙනුවෙන් පාකිස්ථානක් කණ්ඩයමක් එක්වන බව සඳහන්.

මෙම ක්‍රිකට් ලීගය මෙතෙක් ඉන්දියාවේ පැවති අතර, මෙවර එය එංගලන්තයේ දී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

ඒ, සඳහා එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

එළඹෙන සැප්තැම්බර් මුල සිට සති තුනකට ආසන්න කාලයක් මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති බවයි දැනගන්නට ලැබුණේ.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ අවසන් වරට පැවති අදියර ඉන්දියාවේ ඩෙහ්රාඩුන් සහ රයිපූර් හිදී පැවැත්වුණු අතර, රයිපූර් හි පැවති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පරාජය කරමින් ඉන්දීය ලෙජන්ඩ් පිළ ජයග්‍රහණය වාර්තා කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
4
+1
0
+1
2
+1
1
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?