මාර්තු මාසයේ අස්වැසුම හෙට බැංකුවට

අස්වැසුම සුබ සාධක ප්‍රතිලාභ යෝජනා ක්‍රමයේ පළමු අදියරේ වයස අවුරුදු 70 ට වැඩි, වැඩිහිටියන් 622,462 දෙනෙක්ට මෙම මාර්තු මාසයේ වැඩිහිටි දීමනා ලෙස රු. 3,112,310,000.00 ක මුදලක් අදාළ ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙත බැර කිරීමට කටයුතු කරන සුඛසාධක ප්‍රතිලාභ මණ්ඩලය පවසනවා.

එමෙන්ම එහි දෙවන අදියරේ අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 71,339 දෙනෙක්ට, මෙම මාර්තු මස වැඩිහිටි දීමනා ලෙස රු. 356,695,000.00 ක මුදලක් ද ප්‍රතිලාභීන්ගේ අස්වැසුම බැංකු ගිණුම් වෙතබැර කිරීමට නියමිතයි.

ඒ අනුව එම ප්‍රතිලාභීන්ට මාර්තු මාසය සඳහා වන සිය ප්‍රතිලාභී දීමනාව හෙට (26) දිනයේ සිට අස්වැසුම ප්‍රතිලාභී ගිණුම මගින් ලබාගත හැකියාව පවතිනවා.