සුපිරි ක්‍රිකට් තරු එක්වන රෝඩ් සේෆ්ටි 20-20 තරගාවලිය මෙවර එංගලන්තයේ දී

හිටපු ජාත්‍යන්තර ක්‍රිකට් තරු සහභාගී වන විස්සයි විස්ස ලීගයක් වන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලිය වෙනුවෙන් පළමු වරට පකිස්ථානයෙන් කණ්ඩායමක් සහභාගී වීමට නියමිත බව වාර්තා වනවා.

ඒ, අනුව මෙම වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැත්වෙන රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ තුන්වන අදියර වෙනුවෙන් පාකිස්ථානක් කණ්ඩයමක් එක්වන බව සඳහන්.

මෙම ක්‍රිකට් ලීගය මෙතෙක් ඉන්දියාවේ පැවති අතර, මෙවර එය එංගලන්තයේ දී පැවැත්වීමට සැලසුම්කර තිබෙනවා.

ඒ, සඳහා එංගලන්ත සහ වේල්ස් ක්‍රිකට් මණ්ඩලයේ අනුමැතිය ලැබී ඇති බවයි ක්‍රීඩා මාධ්‍ය වාර්තා කළේ.

එළඹෙන සැප්තැම්බර් මුල සිට සති තුනකට ආසන්න කාලයක් මෙම තරගාවලිය පැවැත්වෙනු ඇති බවයි දැනගන්නට ලැබුණේ.

රෝඩ් සේෆ්ටි වර්ල්ඩ් සීරිස් තරගාවලියේ අවසන් වරට පැවති අදියර ඉන්දියාවේ ඩෙහ්රාඩුන් සහ රයිපූර් හිදී පැවැත්වුණු අතර, රයිපූර් හි පැවති අවසන් මහා තරගයේදී ශ්‍රී ලංකා ලෙජන්ඩ්ස් පරාජය කරමින් ඉන්දීය ලෙජන්ඩ් පිළ ජයග්‍රහණය වාර්තා කළා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විලංගු දාලා නාමල්ව නවත්වන්න බෑ - නාමල් ශක්තිමත් තරුණයෙක්
03:36
Video thumbnail
බද්දේගම රත්කළ වෙ#ල්ල ගැන ඇමති නලින්ද හෙළිකල දේ - පාතාල කල්ලි කල්ලි අතර වෙන ගැටුම් ඔය
02:28
Video thumbnail
රංග දිසානායකට විරුද්ධව අල්ලස් කොමිසමටම පැමිණිල්ලක්
05:04
Video thumbnail
පුතා හිරේ ඉන්නකොටත් අම්මට රට පනින්න වෙලා තියෙන්නේ - කට්ටියට වේගෙන් හිරේ යන්න වෙනවා
04:34
Video thumbnail
නාමල්ට එක නීතියක්, කුමාර ජයකොඩිට තව නීතියක්
03:00
Video thumbnail
මත්පෙති ජාවාරමට එරෙහිව ගමක් පාරට බහී
01:56
Video thumbnail
01 වෙනිදා සිට දඩ මුදල් පොලිසියට ඇවිත් ගෙවන්න පුළුවන් - නිවාඩු දින ප්‍රශ්නයක් නෑ - ඕනෑම වෙලාවක එන්න
04:01
Video thumbnail
අධිකරණයට බාධාවෙන ලෙස විපක්ෂය දැවැන්ත මඩ ප්‍රහාරයක් එල්ල කළා - විපක්ෂයට වැලේ වැල් නැතිවුණා
04:09
Video thumbnail
දවස් 3ක් තිස්සේ තෙල් නෑ - අනුරාධපුර මිනිස්සු අමාරුවේ වැටෙයි
01:13
Video thumbnail
බදුල්ල කතරගම දේවාලයේ අලි කුලප්පුවක්
01:27