පවතින තත්ත්වය මත පරාටේ නීතිය අහෝසි කරන්නැයි සජිත්ගෙන් ඉල්ලීමක්

ශීඝ්‍ර ලෙස ඉන්ධන මිල වැඩි වීම නිසා අප රටේ ආර්ථිකයට 52%ක දායකත්වයක් ලබා දෙන ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් බලවත් අසීරුතාවකට මුහුණ දෙමින් සිටින බවත් මේ ඉන්ධන මිල වැඩි වීම නිෂ්පාදන චක්‍රයට සහ ඉල්ලුම් හා සැපයුම් දාමයට බරපතල සෘණාත්මක අගතිගාමී බලපෑමක් එල්ල කරමින් පවතින බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසනවා.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ විපක්ෂ නායක කාර්යාලයේදී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් හමුවී ඔවුන්ගේ ගැටලු සාකච්ඡා කළ අවස්ථාවේදීයි.

ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් හා ව්‍යවසායකයන් ලක්ෂ 45කට ආසන්න ප්‍රමාණයකට රැකී රක්ෂා හා ජීවනෝපාය සපයන බවත් මේ ක්ෂේත්‍රය කඩා වැටුණහොත් අප රටේ ආර්ථික වර්ධනය බිද වැටී ගෘහයේ ආර්ථිකය කඩා වැටී රටේ නිෂ්පාදන ධාරිතාව දුබල වන බවයි සජිත් ප්‍රේමදාස සඳහන් කළා.

මෙවැනි තත්ත්වයක් තුළ වත්මන් රජය මේ වෙනුවෙන් මැදිහත් වී ක්ෂුද්‍ර කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන් සහ ව්‍යවසායකයන්ට සහයෝගය ලබා දිය යුතු බවත් විපක්ෂ නායකවරයා පෙන්වා දුන්නා.

ඒ අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි පරාටේ නීතිය ක්‍රියාත්මක කිරීම නතර කළ යුතු බවත් ඊට අමතරව මේ කඩාවැටුණු ව්‍යාපාරවල ණය ප්‍රතිව්‍යුහගතකරණයකට යොමුවිය යුතු බවත් විපක්ෂ නායකවරයා වැඩිදුරටත් පවසා සිටියා.

  1. yes. totally agreed. The goeverment instead of supporting in a crucial junction businesses affected by Cyclone and the current world crisis , had not given sufficient accomodations to address the grievences of affected parties pursued on one direction of parate



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
Praharaya| ශ්‍රි ලංකා පොදුජන පෙරමුණ පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී චානක සහභාගීවන විශේෂ ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
බස්වලින් සෙනඟ ඇද්දා තමයි, මිනිස්සුන්ට පයින් එන්න බෑනේ
08:14
Video thumbnail
ඇයි ඉවර කළේ නැත්තේ.. මොකද්ද ප්‍රශ්නය
04:14
Video thumbnail
76ක් කාපු එකායි, 76 ඉඳන් කාපු එකායි බයිලා ගහනවා
05:52
Video thumbnail
ආයේ ප්‍රභා කෙනෙක්ව ඇතිකරන්න හදනවා - ආන්දෝලනාත්මක ප්‍රකාශයක්
06:11
Video thumbnail
දැඩි වර්ෂාපතනයත් සමඟ කිරිඳිඔයේ ජල මට්ටම ශීඝ්‍රයෙන් ඉහළට
00:54
Video thumbnail
බස් රථයක් ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක්
00:52
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි
00:55
Video thumbnail
පවුල් පිටින් ඇවිත් රත්තරං බඩු කඩයකින් හොරකම් කරන හැටි - පොඩි කොල්ලා කුරුමාණම අල්ලලා කරපු දේ
01:33
Video thumbnail
ත්‍රී රෝද රථයක් මුහුණ දුන් බිහිසුණු අනතුර
00:40