AFC Banner
AFC Banner
Empty Ad

සුප්‍රසිද්ධ බොලිවුඩ් තරුවක් වන සයිෆ් අලි ඛාන්ට ප්‍රහාරයක්

සුප්‍රසිද්ධ බොලිවුඩ් රංගන ශිල්පියෙකු වන සයිෆ් අලි ඛාන් හට තියුණු ආයුධයකින් පහරදීමක් සිදු කර තිබෙනවා.

ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ එම පහරකෑමෙන් බරපතළ තුවාල ලැබූ අලි ඛාන් මේ වනවිට රෝහල්ගත කර ඇති බවයි.

අද (16) අලුයම 2.30ට පමණ මෙම පහරදීම සයිෆ්ගේ නිවස පිහිටි මුම්බායි හි දී සිදු ව තිබෙනවා.

පැමිණ නාඳුනන පුද්ගලයා සයිෆ් හට පිහියකින් ඇන ඇත්තේ නිවසට ද බලහත්කාරයෙන් රිංගා ගනිමින්.

මෙම පහරදීම සිදුවන අවස්ථාවේ දී සයිෆ්ගේ බිරිඳ වන කරීනා කපූර් සහ පුතුන් වන තායිමූර් සහ ජේ නිදා සිට තිබෙනවා.

බන්ද්‍රා පොලිසිය පැවසුවේ හොරෙන් ගෙට රිංගූ පුද්ගලයා සහ සයිෆ් අතර ගැටුමක් ඇති ව ඇති බවත් එහිදී සැකකරු විසින් සයිෆ් හට කිහිපවරක් පිහි ප්‍රහාර එල්ල කර ඇති බවයි.

සයිෆ් සහ ඔහුගේ පවුලේ සාමාජිකයින් නව අවුරුදු උදාව ගත කර ස්විට්සර්ලන්තයේ සිට මුම්බායි වෙත යළි පැමිණ ඇත්තේ ද පසුගිය සතියේ බවත් වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?