සුනාමියෙන් බේරුණු තංගල්ලේ දැරියක්, වසර 18කට හමුවේ

මුළු ලෝකයම කාන්තාවන් පිළිබඳව අවධානය යොමු කරන අද දිනයේ වයස අවුරුදු 18කට පෙර රුඳුරු සුනාමි රළ පහරට හසුව ජීවිතය බේරාගත් අද දෙදරු මවක්ව සිටින කාන්තාවක් අපට හමුවූයේ මැදිරිගිරිය ප්‍රදේශයෙන්.

තංගල්ලේදී සුනාමියට හසුවූ ඇයගේ දුක්බර කතාව සංවේදි හදවත් ඇත්තන්ගේ නෙතට කඳුළක් උපදවනු නොඅනුමානයි.

තමාගේ නිසි වයස, නිසි නාමය, උප්පැන්න සහතිකයන් හෝ නොමැතිව සමාජයේ අසාධාරණකම් වලින් බැට කන මෙම කාන්තාව තවමත් ජිවත් වන්නේ අනේක විධ දුක්ගැහැට මධ්‍යයේයි.

කේ.ඒ. කමලා පෙරේරා නමින් හඳුන්වන මෙම කාන්තාව පදිංචිව සිටින්නේ අංක 191, ජයගම්පුර, මහ අඹගස්වැව, මැදිරිගිරිය යන ලිපිනයේයි.

පෙර පාසල් වියේ පසුවන සහ මෙවර ශිෂ්‍යත්ව විභාගය සඳහා පෙනී සිටින දරුවන් දෙදෙනෙකුගේ මවක වන ඇය කාට හෝ බැලමෙහෙ කර සිය ජීවිතය සරි කර ගන්නේ කුලී නිවසක සිටිමින්.

තංගල්ල ප්‍රදේශයේ උපත ලැබූ ඇය පාසල් ගමන ආරම්භ කිරීමට ඔන්න මෙන්න කියා තිබියදී එනම් 2004 වසරේ දෙසැම්බර් මස 26 වනදා උදම් රළ හසුව ඇයගේ මව, පියා, සහෝදරයන් දෙදෙනා සහ සහෝදරිය සමඟ ගසාගෙන ගොස් තිබෙනවා.

මුළු පවුලම දිය රකුසාට බිලිවද්දී දෛවයට අනුව ඇයගේ දිවි බේරාගෙන ඇත්තේ කවුරුන්ද යන්න ඇය අදටත් නොදන්නා කරුණක්.

තංගල්ල ප්‍රදේශයේ සුනාමි රැදවුම් කඳවුරක සිටියදී තංගල්ල ප්‍රදේශයේම විදුහල්පතිනියකගේ නිවසට රැගෙන ගොස් ඇය හදා වඩාගෙන ඇති අතර එහිදී තමාට මෙම නම ලැබුණු බවයි ඇය කියා සිටියේ.

නිවසේ හිමිකාරිය මිය යාමෙන් පසු ඇයගේ නැගණිය විසින් තමාව කොළඹ කැඳවාගෙන පැමිණ මෙහෙකාර සේවයේ යෙදවූ බව කමලාවතී ප්‍රකාශ කළා.

ඒ වනවිට ඇයට යන්තම් අවුරුදු දොළහ සම්පූර්ණ වූවා පමණි.

කෙසේවෙතත් එහිදී හඳුනාගත් තරුණයෙකු සමඟ ඇති වූ ප්‍රේම සබඳතාවක් මත ඔහුත් සමඟ මැදිරිගිරිය ප්‍රදේශයට ගොස් ඇති අතර දෙවන දරුවා ලැබීමට සිටිය දී ඔහු ඇය හැර ගොස් තිබෙනවා.ෆ

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
2 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දරුවන් ගැන සජිත් හැමෝම ඉස්සරහා කිව්ව දේ..දරුවන්ගේ අයිතිවාසිකම් රටේ මූලික අයිතිවාසිකම්
09:44
Video thumbnail
සඳගිරිසෑයට හොරු පනියි..මැණික් සහ රන් මාල උස්සලා..ධාතූන් වහන්සේ වැඩසිටි සියපත පැත්තකට දාලා
07:44
Video thumbnail
නාමල්ගේ හෙට පානදුර රැළියට සූදානම..කොටු ඇදලා ඉරි ගහලා මැනගන්නකෝ..පානදුර ටවුන් එක වහනවා
01:12
Video thumbnail
සජිත් ඒ පුංචි ළමයින්ට තියෙන ආදරය..පෙරපාසල් ළමුන් 550 දෙනෙකුට සජිත් දුන්න අපූරු තෑගී
02:18
Video thumbnail
අනවසර ඉදිකිරීම් නිසා අකුරැස්සේ උණුසුම් තත්ත්වයක්.."ඔයා කොහොමද රටේ නීතියක් කරන්නේ"
15:56
Video thumbnail
බිත්තිය වැ#ටුණනම් අම්මයි, පොඩි උන් දෙන්නයි ඉවරයි..මම කෑගැහුවා දාලා යන්න බෑ කියලා
02:12
Video thumbnail
එංගලන්තයට ගිය අගමැතිනිය යළි දිවයිනට ආ හැටි
00:23
Video thumbnail
අරගයක් ආවොත් ගු#ටිකාලා යන්න වෙයි කියලා මාලිමාවේ සමහරු දැන්ම යනවා
03:56
Video thumbnail
සජබයේ කාටවත් නඩු නෑ..හොරකම් නෑ..බංකොළොත් කරලා සජබයට බලය ගන්න ඕනි නෑ
02:58
Video thumbnail
වෙසක්වලට දන්සැල් දෙනවනම් මේක දැනගන්න..අකමැත්තෙන් වුණත් නීතිය ක්‍රියාත්මක කරනවා
03:41