AFC Banner
AFC Banner
Empty Ad

සුනඛයෙකු රැගෙන ආ දරුවෙකුගේ පා කොටසක් ගැන විමර්ශනයක්

හලාවත මුහුදු තීරයේ සංචාරක හෝටලයක් ආසන්නයේ තිබී සුනඛයින් විසින් ගෙනවිත් කා දමා ඇති බවට විශ්වාස කරන ලද කුඩා දරුවෙකුගේ පාදයක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන පොලීසියට භාරදීමට කටයුතු කරනු ලැබුවා.

අද (02) දහවල් මෙම සිදුවීම සිදු ව ඇති බවයි දසත ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ.

මෑතකදී හලාවත අවට දරුවෙකු මිය යාමක් හෝ මිහිදන් කිරීමක් ද සිදු කර නොමැති බවත් හලාවත මහා රෝහලේ ද එවැනි ළමා මරණයක් පිළිබඳ ව තොරතුරක් වාර්තා නොවන බව ද පොලිසිය පවසනවා.

මෙවන් තත්ත්වයක් මත හලාවත පොලිසිය විමර්ශන අරඹා ඇත්තේ මෙම දරුවෙකුගේ පාදයක් සුනඛයෙකු විසින් රැගෙන ආවේ කුමන ස්ථානයේ සිට ද යන බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ක්‍රියාත්මකයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?