හඩ්සන් ගඟට හෙලිකොප්ටරයක් ​​කඩාවැටී එකම පවුලේ 05ක් මරුට (වීඩියෝ)

ඇමරිකාවේ නිව්යෝර්ක් හි හඩ්සන් ගඟට සංචාරකයින් පිරිසක් රැගත් හෙලිකොප්ටරයක් ​​කඩාවැටී අනතුරක් සිදුව තිබෙනවා.

මෙම අනතුරින් හෙලිකොප්ටරටේ සිටි 06 දෙනෙකු මියගොස් ඇති බවයි වාර්තා වන්නේ.

ස්පාඤ්ඤයේ සිට පැමිණි එකම පවුලේ සංචාරකයන් පිටිසක් ගමන් ගත හෙලිකොප්ටර් යානයක් මෙලෙස අනතුරට ලක්ව ඇති අතර, නියමුවා හැරෙන්න සෙසු පස්දෙනාම එම පවුලේ සාමාජිකයින් බවයි විදෙස් වාර්තා සඳහන් කළේ.

මියගිය අය අතර කුඩා ළමුන් තිදෙනෙකුඩා සිටින බවයි වාර්තා වුණේ.

බෙල් 206 වර්ගයේ හෙලිකොප්ටරයක් මෙලෙස හඩ්සන් ගඟට කඩා වැටී ඇති අතර, අනතුරට හේතුව තවමත් අනාවරණය වී නැහැ.

අනතුරින් පසු හතරදෙනෙකු එම ස්ථානයේදීම මිය ගොස් ඇති අතර, තවත් දෙදෙනෙකු රෝහල් ගතකර අවස්ථාවේ දී මියගොස් ඇති බවයි නිව්යෝර්ක් පොලිසිය පැවසුවේ.

මේ අතර නිව්යෝර්ක් පොලිස් කොමසාරිස්වරිය වැඩිදුරටත් පවසා ඇත්තේ මියගිය ඥාතීන්ගේ පවුල්වලට දැනුම් දෙන තුරු වින්දිතයින්ගේ අනන්‍යතා හෙළි නොකරන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
4
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
USAවලින් ලංකාවට ලැබුණු සුපිරි තෑග්ග - Fleet Broadband චන්ද්‍රිකා සන්නිවේදන පද්ධතියක්
00:55
Video thumbnail
"මීහ#ක් ටික අලුත් විකාරරූපි දර්ශනයක් ගෙනයනවා"ප්‍රසාද්ගේ දැඩි ප්‍රකාශයට නලින්ද සැරටම කිව්ව දේ
01:36
Video thumbnail
ජපානයට යන්න කලින් මේ කරුණු අනිවාර්යයෙන් දැනගන්න! | 2026 Update - ජපානයේ රැකියා අවස්ථා වැඩි වෙයි
03:48
Video thumbnail
අතුරුදහන් වූවන්ගේ පවුල්වලින් මහේස්ත්‍රාත් අධිකරණයට පැමිණිල්ලක් - සාධාරණයක් වෙනකල් සටන් කරනවා
03:38
Video thumbnail
නාවින්න බස් නැවතුමේදී රියදුරන් හා කොන්දොස්තරවරුන්ගේ අහඹු මත්ද්‍රව්‍ය පරීක්ෂාවක්
03:45
Video thumbnail
ඇමතිලා භාවිත කළ කොළඹ නිල නිවාසවලට මොකද වෙන්නේ? අමු කැලෑවෙලා තියෙන්නේ..ගේට්ටු කැඩිලා
02:02
Video thumbnail
සෙංකෝලය ගිල්ලත් නඩු අහන වේගය අඩුවෙන්නේ නෑ
02:46
Video thumbnail
යතුරුපැදියක් ලිස්සා ගිහින් බස් රථයක ගැටෙයි
00:32
Video thumbnail
යල කන්නයේ වී මිලදී ගැනීමේ සැලසුම් පිළිබඳ ජනපති ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව
01:19
Video thumbnail
ඉන්ධන මිල අඩුවීම ගැන නලින්ද හෙළිකරයි - සහනය ඉවත් කළොත් මිල තව ඉහළ යනවා
02:43