ට්‍රම්ප්ගේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගත යුතු පියවර පිළිබඳ සිදු කළ සාකච්ඡාව සාර්ථක ව අවසන්

ඇමෙරිකාවේ නව තීරු බදු පැනවීමත් සමග මෙරට ආර්ථිකයට සිදු වන බලපෑම සහ ඒ හමුවේ ගත යුතු ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳ සාකච්ඡා කිරීමේ පක්ෂ නායක හමුවක් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අද (10) ජනාධිපති කාර්යාලයේ දී පැවැත්වුණා.

ජනාධිපතිවරයා මුණ ගැසී මේ පිළිබඳව සාකච්ඡා කළ යුතු බවට විපක්ෂයේ මන්ත්‍රීවරු පිරිසක් කළ ඉල්ලීම පරිදි ජනාධිපතිවරයා විසින් මෙම හමුව කැඳවා තිබුණා.

ඇමෙරිකාවේ නව තීරු බදු ප්‍රතිපත්තිය හමුවේ ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳ සොයා බලා රජයට නිර්දේශ ඉදිරිපත් කිරීමට පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු පිළිබඳව මෙන්ම මෙම තත්ත්වය හමුවේ රජය මෙතෙක් ගෙන ඇති පියවර පිළිබඳව ද ජනාධිපතිවරයා මෙහිදී පක්ෂ නායකයන් දැනුවත් කළා.

අදාළ කමිටුව විසින් ඉදිරිපත් කළ කරුණු සහ මීට අදාළව විපක්ෂය නියෝජනය කරන පක්ෂ විසින් ඉදිරිපත් කළ යෝජනා පිළිබඳව ද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කෙරුණා.

ඇමෙරිකානු රජය සමඟ සාකච්ඡා කිරීමට අදාළ යෝජනා සකස් කිරිම පිළිබඳවත්, අපනයන ගමනාන්ත විවිධාංගීකරණය පිළිබඳවත් පුළුල් ලෙස සාකච්ඡාවට ලක් වූ බවත් වාර්තාවනවා.

පක්ෂ නායකයන් සමඟ පැවැත්වූ මෙම හමුවේදී ඉදිරිපත් කළ යෝජනා සහ ජනාධිපතිවරයා විසින් පත් කළ කමිටුව විසින් ඉදිරිපත් කළ යෝජනා ඒකරාශි කර ගනිමින් වැඩිදුරටත් සාකච්ඡා කිරීමටද මෙහිදී තීරණය කෙරුණා.

සමගි ජන බලවේගය නියෝජනය කරමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂ ද සිල්වා, ද්‍රවිඩ ජාතික සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එස් රාසමාණික්කම්, නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩී.වී. චානක, දෙමළ ප්‍රගතිශීලි සන්ධානය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනෝ ගනේෂන්, පලනි දිගම්බරම්, ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා, සමස්ත ලංකා මහජන කොංග්‍රසය නියෝජනය කරමින් රිෂාඩ් බදුර්දීන්, සර්වජන බලය පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර, ස්වාධීන කණ්ඩායම් 17 නියෝජනය කරමින් පාර්ලිමේන්තු මන්ත්‍රී ඒ. අර්චුනා යන මහත්වරු මෙහිදී අදහස් දැක්වූවා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව උණුසුම් කළ ප්‍රශ්නය
09:19
Video thumbnail
රුමේෂ්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය මැදිහත් වෙන්න සැරසෙයි - අපේ රටට ලොකු සම්පතක්
01:26
Video thumbnail
ඖෂධ හිඟය ගැන ඇමති නලින්ද පිළිතුරු දෙයි - ඔබ දැන් කියන්න කොහෙද ප්‍රශ්නය තියෙන්නේ කියලා ?
04:12
Video thumbnail
අධිකරණය දුන් රහසිගත තීන්දුව ජනාධිපතිවරයා දන්නේ කොහොමද..?
07:08
Video thumbnail
මේ ආණ්ඩුවට වඩා හොඳ කට්ටියක් සජබයේ ඉන්නවා
01:27
Video thumbnail
හැටන් බස් නැවතුම්පොළට ෆුල් සුද්දයක් දෙයි - අස්සක් මුල්ලක් නෑරම පිරිසිදු කරයි
01:13
Video thumbnail
වස්කඩුවේදී පෞද්ගලික බස් රථයක් - ත්‍රීවිල් රථයක් ගැටී බිහිසුණු අනතුරක් - ත්‍රීවිල් රියදුරුට බරපතළයි
01:02
Video thumbnail
මේ ආණ්ඩුවත් ව්‍යාපාරිකයින්ට යටවෙලාද ?නිදහසේ කරපු අපේ රැකියාව අද නැතිවෙන්න යන්නේ
06:48
Video thumbnail
නියඟය ලෙෆ්ට්.. ගංවතුරට සූදානම් වෙන්න
06:49
Video thumbnail
🔴 Live | කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුව | 2026.09.15
56:08