දිස්ත්‍රික්ක කිහිපයකටම අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව, දකුණු සහ වයඹ පළාත්වලත් මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (11) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.

එමෙන්ම අනුරාධපුරය, මාතලේ සහ මන්නාරම දිස්ත්‍රික්කවල වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඌව පළාතෙත් අම්පාර, මඩකළපුව සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් අද (11) සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකියි.

බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මිලි මීටර් 50ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බව එම දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරනවා.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල සහ උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැයට කිලෝ මීටර් (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැකියි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මැගසින් බන්ධනාගාරයේ ගැටුමේ ඇසින් දුටු රැඳවියාගෙන් ඇඟ හිරිවැටෙන හෙළිදරව්වක්
11:25
Video thumbnail
දරුවන් ඇතුළු සියලු දෙනාට Ceylon Green Life Plantation වගාබිම් නැරඹීමේ හැකියාව හැමෝටම විවෘත වෙයි
01:52
Video thumbnail
ප්‍රභාටත් කරගන්න බැරිවෙච්ච වැඩේ මේ ආණ්ඩුව කරන්න හදනවා
08:40
Video thumbnail
නාමල් - නලින්ද හමුවෙයි.. ළඟ ළඟ වාඩිවෙලා ඉන්න හැටි
01:02
Video thumbnail
කවුරුත් බයවෙන්න එපා - විදුලිය කපන්නේ නෑ
04:47
Video thumbnail
අවුරුදු 4ක පුංචි දරුවෙක්ව පාළු පාරක දාලා ගිය හැටි මෙන්න
01:08
Video thumbnail
අධිකරණ කටයුතු වේගවත් වෙන්නේ නෑ - කවුරුත් ඉල්ලපු නැති දෙයක් කරන්නේ
02:57
Video thumbnail
රෝහලේ අවසන් ගමන් ගිය කාන්තාවගේ ගෙදරට හොරු පැනලා ෆුල් සුද්දයක් දීලා
02:35
Video thumbnail
පාළු තැනක දමා ගිය අවු.4 දැරියක් - සිදුවීම තවමත් අබිරහසක්
01:00
Video thumbnail
වුණොත් නොවුණොත් කියන ඒවට මම උත්තර දෙන්නේ නෑ
12:11