පොලිස් අණ නොතකා ගිය යතුරුපැදිකරුවෙකුට කිරිබත්ගොඩ දී වෙඩි (වීඩියෝ)

කිරිබත්ගොඩ, ගාල හන්දිය ප්‍රදේශයේ පොලිසිය සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් තුවාල ලබා තිබෙනවා.

පොලිස් අණ නොතකා යතුරුපැදියකින් පලායමින් සිටි පුද්ගලයෙකුට පොලිසිය විසින් අද (11) අලුයම මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

යතුරුපැදියක් සමඟ සැකකටයුතු පුද්ගලයෙක් රැඳීසිටින බව පොලිසිය විසින් දැක ඔහු පරීක්ෂා කිරීමට යෑමේදී ඔහු පලාගොස් තිබෙනවා.

එහිදී ඔහුට යතුරුපැදිය නතර කරන ලෙසට පොලිසිය විසින් අණ කළත් එය නොනවත්වා ධාවනය කර ඇති අතර, එහිදී පොලිසිය මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවයි වාර්තා වුණේ.

වෙඩි වැදීමෙන් තුවාල ලැබූ සැකකාර පුද්ගලයා මිතුරෙකු මාර්ගයෙන් ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත්ව සිටිය දී පොලිසිය විසින් සොයාගෙන ඇති බවයි වාර්තා වන්නේ.

  1. අනිවාර්යයෙන්ම එසේ කළ යුතුමයි.
    එතකොට අනිත් උං හැදෙනවා..
    ඇයි පොලීසිය නවත්වන්න කිව්වම නවත්වන්න බැරි..
    අපරාධකාරයොද ?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14