logo
spot_img
AFC Banner
Korea Edu Banner
Empty Ad

සුනඛයෙකු නිසා සිව් හැවිරිදි දැරියකට දිවි අහිමි වෙයි

සුනඛයෙකු සපා කෑම හේතුවෙන් සිව් හැවිරිදි හැරියක් ජීවිතක්ෂයට පත් වීමේ සිදුවීමක් වාර්තා වනවා.

අප ප්‍රාදේශීය වාර්තාකරු පැවසුවේ මෙම සිදුවීම කිලිනොච්චිය,කණ්ඩවාලෛ ප්‍රදේශයේ දී සිදු ව ඇති බවයි.

මෙම සුනඛයා වීදි බල්ලෙකු බව හෙළි ව තිබෙනවා.

පසුගිය 10 වැනි දා දින මෙම දැරිවිය සුනඛයා විසින් සපා කා තිබෙන බවත්; දැරියට ජල භීතිකා එන්නත හෝ වෙනත් කිසිදු වෛද්‍ය ප්‍රතිකාරයක් ලබාදීමට දෙමාපියන් කටයුතු සිදු කර නොමැති බවත් කිලිනොච්චිය ප්‍රදේශවාසීන් පවසනවා.

දැරිය හදිසියේ අසනීප වී ඇති අතර, අනතුරුව ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කොට ඇති අවස්ථාවේ ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

දැරියගේ මරණය බල්ලා සපාකෑමෙන් සිදු ව ඇති බවට රෝහල් බලධාරීන් තහවුරු කර ඇති බවයි වාර්තා වන්නේ.

මෙම බල්ලා සපා කෑ තවත් පුද්ගලයින් සිව් දෙනෙකු වෛද්‍ය ප්‍රතිකාර වෙනුවෙන් යොමු කොට ඇති බව ද වාර්තා වනවා.

සිද්ධිය සම්බන්ධයෙන් කණ්ඩාවලෙයි මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරින් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
8
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?