මාම්පුරි දලුව ප්‍රදේශයේ කොවිඩ් මර්දන එන්නත ලබාදීමේ මධ්‍යස්ථානයකට එන්නත විද ගැනීමට පැමිණි තැනැත්තෙකු සුරතලයට ඇති කරන සුනඛයාගේ එන්නත් කාඩ්පත රැගෙන පැමිණීමේ සිදුවීමක් වාර්තා වනවා.
මෙම එන්නත් මධ්‍යස්ථානය මගින් ෆයිසර් එන්නතේ දෙවන මාත්‍රාව ලබා ගැනීමට කටයුතු යොදා තිබුණා.
එන්නත විදගත් ප්‍රදේශවාසියෙක් කාඩ් පත ලකුණු කිරීමට ගිය අවස්ථාවේ දී ඔහු රැගෙන විත් ඇත්තේ ගෙදර සුනඛයාගේ කාඩ්පත බව හෙළි වූ අතර පසුව වෙනත් පුද්ගලයෙකු ඔහුගේ නිවසට යවා නිවැරදි කාඩ්පත ගෙන්වා ගැනීමට ප්‍රදේශයේ සෞඛ්‍ය බලධාරීන් පියවර ගෙන තිබෙනවා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1




