AFC Banner
AFC Banner
Empty Ad

සුදුවෑන් නඩුවෙන් රාජිත නිදොස් කොට නිදහස්

වෙස්මාරු කරගත් පුද්ගලයින් දෙදෙනෙකු යොදවා 2019 ජනාධිපතිවරණය සමයේ දී ජනාධිපති ධුර අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ ගෝඨාභය රාජපක්ෂ සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් කැඳවමින් අසත්‍ය ප්‍රකාශ සිදුකිරිමට පෙළඹවීම ඇතුළු චෝදනා යටතේ හිටපු සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්නට සහ රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ හිටපු සභාපති මොහොමඩ් තාසිම් රුමි යන දෙදෙනා විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරව නිදහස් කෙට නිදහස් කරන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු සුජීව නිශ්ශංක මහතා නියෝග කළා.

දිර්ඝ නඩු විභාගයකින් පසුව අද (29) කොළඹ මහාධිකරණය මෙම තීන්දුව ප්‍රකාශයට පත් කරනු ලැබුවා.

මෙම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගය පසුගිය සැප්තැම්බර් (25) වනදා අවසන් වුණා.

එම නඩුවේ පැමිණිල්ලේ සාක්ෂි විභාගයේ දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මිහිදුසිරි අබේසිංහ පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටින රජයේ අධිනීතිඥ පද්මාල් ද සිල්වාගේ මෙහෙයවීම මත සාක්ෂි ලබාදුන්නා.

එම සාක්ෂියෙන් පසුව සාක්ෂි විභාගය අවසන් කරන බව රජයේ අධිනීතිඥ වරයා අධිකරණයට දැනුම් දෙනු ලැබුවා.

විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනු කර තිබූ චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කොට නොමැති බැවින් විත්තියේ සාක්ෂි කැඳවීමකින් තොරවම අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 (1) වගන්තිය යටතේ සිය සේවාදායකයින් නිදොස් කොට නිදහස් කරන ලෙස ඉල්ලිමක් කිරිමට අපේක්ෂා කරන බව විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ ජනාධිපති නිතිඥ අනිල් සිල්වා අධිකරණයට පැවසුවා.

2019 නොවැම්බර් 10 වනදා තිඹිරිගසයාය ප්‍රදේශයේ දී පැවති මාධ්‍ය හමුවක දී අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව පවරනු ලැබුවා.

ගෝඨභය රාජපක්ෂගේ මෙහෙයවීම මත සුදු වෑන් භාවිත කර පුද්ගලයින් පැහැර⁣ගෙන ගොස් ඝාතනය කළ බවට සහ වෙළුපිල්ලේ ප්‍රභාකරන් සතුව තිබූ රන් භාණ්ඩ උන්ඩියල් ක්‍රමයට මාරු කළ බව සඳහන් කළ උන්ඩියල් අතුල සහ ඇන්තනී ඩග්ලස් යන පුද්ගලයින් ලවා අසත්‍ය ප්‍රකාශ සිදුකිරීම සම්බන්ධයෙන් එම නඩුව පවරනු ලැබුවා.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් 2019 දෙසැම්බර් 27 දින ලංකා රෝහලේ ප්‍රතිකාර ගනිමින් සිටිය දී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් රාජිත සෙනාරත්න අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
කොටහේනේ අවි ගත්තෝ අවි පෙන්න ගිහින් පොලිස් අවියෙන්ම අවසන් ගමන් යයි
01:17
Video thumbnail
කොටහේනේ වෙ# තැබීම නිසා පොලිස් ආරක්ෂාව දැඩි කරයි
07:02
Video thumbnail
සජබයයි - මාලිමාවයි සැර වලියක්
16:35
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම #dasathamidnewstoday #dasathanews #live
00:46
Video thumbnail
කොටහේන වෙ#ක්කරුවන් අල්ලපු පොලිස් මෙහෙයුම
04:06
Video thumbnail
රැවුල මොකද ? ගැළපෙන්නේ නෑ නේද ? - මොකද්ද ප්‍රශ්නේ මම Brand එකක්
01:00
Video thumbnail
කොටහේනේ මේ දැන් වෙ# තැබීමකින් පුද්ගලයෙක් මියයයි #kotahena# #live #dasathamidnewstoday #dasathanews
00:27
Video thumbnail
KASTHIRAMA | පා.ම චන්දිම හෙට්ටිආරච්චි සහ සජබ විධායක කමිටු සාමාජික මහේෂ් සේනානායක සහභාගීවන කස්තිරම
01:26:54
Video thumbnail
ගනේමුල්ල සංජීව මිහිදන් කරලා පොඩි වෙලාවයි - කොටහේනේ වෙ#ඩි පත්තු වෙයි
09:44
Video thumbnail
පාතාලය ඉවර කරන්න ජනපති ලෑස්තියි
07:46

?