සුද්දා ක්‍රිකට් පාඩම ෆේල් වෙද්දී, ශ්‍රී ලංකාවට විශිෂ්ට ජයක්

තමන් සහභාගී වූ 05 වැනි තරගය විශිෂ්ට ලෙස ජය ගන්නට ශ්‍රී ලංකා කණ්ඩායම මීට ටික වේලාවකට පෙර සමත් වුණා.

තරගය පැවැත්වුණේ වත්මන් ලෝක එක්දින ක්‍රිකට් ශූරයින් වන එංගලන්තයට එරෙහිවයි.

මෙරට වේලාවෙන් පස්වරු 02ට ඇරඹුණු දෙරට අතර තරගය බැංග්ලෝර් හි දී ආරම්භ වුණේ බට්ලර් හට කාසියේ වාසියේ ජය ද හිමි කරදෙමින්.

පළමු ව පිතිකරණය සුදුසු යැයි තෝරා ගත් බට්ලර් සිය ආරම්භක පිතිකරුවන් දෙපළ වූ බෙයාර්ස්ටෝ සහ මලාන් ව පිටියට එව්වේ, දැඩි බලාපොරොත්තු සහිතවයි.

නමුත් නායකයාගේ සේ ම කණ්ඩායමේත්, සිය ක්‍රීඩා ලෝලීන්ගේත් බලාපොරොත්තු සුන් කරමින් ආරම්භක පිතිකරුවන් දෙපළ අතර ලකුණු සබඳතාව අර්ධ ශතකයට ආසන්න ව සිටිය දී (45ක්) මලාන් ව ලකුණු 28කට දවාගන්නට ඇන්ජිලෝ මැතිව්ස් සමත් වුණා.

ඉන් අනතුරුව තවත් ප්‍රවේගකාරී පිතිකරුවන් පිටියට එනවා සහ යනවා පමණක් ම දුටු අතර, තරගයේ වැඩිම ලකුණු ලාභියා වූයේ බෙන් ස්ටොක්ස් පමණි.

ස්ටොක්ස් ව ද ලකුණු 43ක් තුළ දවා ගන්නට ළහිරු කුමාරට හැකි වුණා.

බෙයාර්ස්ටෝ ලකුණු 30ක් ද, මොඑන් අලී ලකුණු 15ක් ද විලී ලකුණු 14ක් ද තම කණ්ඩායම වෙනුවෙන් ලබා ගත්තා.

විශිෂ්ට පන්දු යැවීමක නිරත වූ ළහිරු කුමාර ලකුණු 35කට කඩුලු 03ක් බිඳ හෙලුවා.

ක්‍රිකට් අර්බුද සහ විවිධ ගැටලු හේතුවෙන් මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලාන සංචිතයටවත් නම් නොකර සිටි ඇන්ජලෝ මැතිව්ස් අද තරගයට එක්වෙමින්, පන්දු වාර 05ක් එක් නිලකුණු පන්දු වාරයක් සමග ක්‍රියාත්මක කරමින් ලකුණු 14කට කඩුලු 02ක් බිඳ හෙලීම ද කැපී පෙනුණා.

මැතිව්ස්ගේ බිල්ලට හසු වූයෙ ප්‍රවේගකාරී ම පිතිකරුවන් වන මලාන් සහ අලී යි.

කසුන් රාජිත කඩුලු 02යි. මහේෂ් තීක්ෂණ නමින් ද එක් කඩුල්ලක් ලියැවුණා.

මෙවර තරගාවලියේ දී එංගලන්තය පන්දුවාර 50 ම ක්‍රීඩා නොකර සියල්ලන් ම 200ට අඩුවෙන් දැවී ගිය දෙවැනි අවස්ථාව ද මෙයයි.

පළමු අවස්ථාවේ දී මුහුණ දුන් පළමු තරගය ම දකුණු අප්‍රිකාව අබියස දී පරාජයට පත් වූයේ සිය ඉනිම වෙනුවෙන් ලකුණු 170ක් ලියා දක්වමින්.

පිළිතුරු ඉනිම ජයග්‍රහණයට ලකුණු 157ක පහසු ඉලක්කයක් හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 25ක් අවසාන වීමට පෙර තරගය කඩුලු 08කින් ජය ගත්තා.

එහිදී හැඩකාර ඉනිමක් ක්‍රීඩා කරමින් පැතුම් නිස්සංක සහ සදීර සමරවික්‍රම එක් ව අර්ධ ශතක රැස් කළේ සිය රටේ දහසක් ක්‍රීඩා ලෝලීන්ගේ බලාපොරොත්තු යළිත් සඵල කරමින්.

පැතුම් සිය 13 වැනි එක්දින අර්ධ ශතකය ද සදීර සිය 7 වැනි අර්ධ ශතකය ද රැස් කළා.

ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ල වෙනුවෙන් ගොඩනැගුණු සබඳතාව ලකුණු 137ක්.

ඒ පන්දු 122කටයි.

පැතුම් නොදැවී ලකුණු 77ක් සහ සදීර නොදැවී ලකුණු 65ක් රැස් කරගත්තා.

එංගලන්තය වෙනුවෙන් කඩුලු ලබා ගැනීමේ දී ඩේවිඩ් විලී කඩුලු 02ක් බිඳ දැමුවා.

තරගයේ වීරයා සම්මානය ලකුණු 35කට කඩුලු 03ක් බිඳ දැමූ ළහිරු කුමාරට හිමිවුණා.

ක්‍රීඩක ළහිරු කුමාර අද තරගයට එක් වූ තුන් ඉරියව් ක්‍රීඩක ඇන්ජිලෝ මැතිව්ස් ගැන ද ප්‍රකාශයක් සිදු කළා.

ඒ ඔහු වැනි අත්දැකීම් බහුල ක්‍රීඩකයෙකු මෙවර තරගාවලියට එක් කිරීම වඩාත් හොඳ තීරණයක් බවට සනාථ කරමින්.

මැතිව්ස් යනු තමන්ට ද තරගයේ දී විශාල වශයෙන් මගපෙන්වමින් උදව් දුන් ක්‍රීඩකයෙකු බව ද ළහිරු කුමාර කියා සිටියා.

මෙම ජයත් සමග ශ්‍රී ලංකා කණ්ඩායම මෙවර එක්දින ක්‍රිකට් ලෝක කුසලානයේ මුහුණදුන් තරග 05න් දෙකක් ජයගෙන තිබෙනවා.

වත්මන් ලෝක ශූරයින් වන එංගලන්තය ක්‍රීඩා කළ තරග 05න් ඔවුන් ජයගෙන ඇත්තේ එක් තරගයක් පමණි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
8
+1
0
+1
5
+1
2
+1
0
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03