පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන්න – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාසැල් දරුවන් සහ ශ්‍රී ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මග හැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සාකාච්ඡා වුණා.
මෙහිදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසා සිටියේ ඕනෑම පුරවැසියෙකුට මේ සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දීමක් කළ හැකි බවයි.
මේ පිළිබඳව තමා දැනුවත් බවත්, මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන වන බවත්, මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවත් එතුමා තවදුරත් අදහස් දක්වමින් පැවසුවා.
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය බිමල් රත්නායකගේ සභාපතිත්වයෙන් 2025.02.28 දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා වුණා.
මෙම කාරක සභාවට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ද එම අමාත්‍යාංශයට අනුබද්ධිත රාජ්‍ය ආයතනයන්හී නිලධාරින් ද සහභාගි වී සිටියා.