සීසන් ඇති පාසැල් දරුවන් මඟ හලා යන ලංගම රියදුරන් ගැන කියන්න අංකයක්

පාසැල් දරුවන් සහ ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මගහැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දෙන්න – ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පාසැල් දරුවන් සහ ශ්‍රී ලංගම වාර ප්‍රවේශපත්‍ර (සීසන්) ඇති පුරවැසියන් මග හැර ධාවනය වන ලංගම බස්රථ රියදුරන් සම්බන්ධයෙන්, ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී සාකාච්ඡා වුණා.

මෙහිදී ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය බිමල් රත්නායක පවසා සිටියේ ඕනෑම පුරවැසියෙකුට මේ සම්බන්ධයෙන් 1958 අංකයට දැනුම් දීමක් කළ හැකි බවයි.

මේ පිළිබඳව තමා දැනුවත් බවත්, මෙවැනි අකටයුතු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගැනීමට පසුබට නොවන වන බවත්, මේ පිළිබඳව ලංගම රියදුරන් සහ කොන්දොස්තරවරුන් දැනුවත් කර ඇති බවත් එතුමා තවදුරත් අදහස් දක්වමින් පැවසුවා.

ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාව අමාත්‍ය බිමල් රත්නායකගේ සභාපතිත්වයෙන් 2025.02.28 දින පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු සාකච්ඡා වුණා.

මෙම කාරක සභාවට වරාය හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය ජනිත රුවන් කොඩිතුවක්කු , ප්‍රවාහන සහ මහාමාර්ග නියෝජ්‍ය අමාත්‍ය ප්‍රසන්න ගුණසේන යන මහත්වරුන් ඇතුළු පක්ෂ විපක්ෂ මන්ත්‍රීවරුන් ද එම අමාත්‍යාංශයට අනුබද්ධිත රාජ්‍ය ආයතනයන්හී නිලධාරින් ද සහභාගි වී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පවතින කාලගුණයෙන් හැමෝම පරිස්සම් වෙන්න..ගස් කඩා වැටීම් වෙන්න පුළුවන්
03:24
Video thumbnail
ජල කප්පාදු කරන කාලය පැය කිහිපයකින් අඩු කරනවා..අප්‍රේල් මාසයට අවශ්‍ය ජල ප්‍රමාණය තියෙනවා
08:43
Video thumbnail
අනතුරකින් පාදයේ ආබාධයකයට ලක්වූ සෙබඩකට පිහිටට ආ තරුණ යුවළ
01:01
Video thumbnail
වියළි කාලගුණය හමුවේ ගාල්ලේ දැන් තත්ත්වය
00:54
Video thumbnail
බලශක්ති ඇමතිගේ පොටෝ එකක් අරන් ගමක් දෙවනත් කළ පන්දම් විරෝධතාව..පච අනුර එදා කිව්වේ බොරු..
08:33
Video thumbnail
වැඩ වර්ජනය නිසා මිනිසුන්ගේ රතු කට්ට පනියි..ඡන්දේ දීලා අපි විදින දුකක්..මාසෙකට කීයක් Strike කරනවද
03:43
Video thumbnail
PHI සෙට් එකක් අත්‍යවශ්‍ය ආහාර ගබඩා සහ වෙළඳසැල්වලට ඇවිත් දුන්න ෆුල් සුද්දය
03:58
Video thumbnail
"Private ගන්න සල්ලි නෑනේ මහත්තයෝ"..වෛද්‍ය වැඩ වර්ජනය හේතුවෙන් රෝගීන් දැඩි අපහසුතාවයට
01:44
Video thumbnail
වියළි කාලගුණය හමාර කරමින් බුත්තලට සහ මොණරාගලට තද වැසි
00:58
Video thumbnail
"අඩේ..අඩේ..ඉක්මනට ඇතුළට ඇදහන් බන්" යතුරුපැදියක් - ලොරියක වැදී සිදුවූ බිහිසුණු අනතුර
01:29