සීදූවේ වෙඩි තැබීමේ තවත් තොරතුරු එළියට

සීදූව, ලියනගෙමුල්ල, වෙළබඩපාර ප්‍රදේශයේ දී ඊයේ (28) පස්වරුවේ සිදුකළ වෙඩි තැබීමකින් පුද්ගලයෙක් මියගොස් තවත් දෙදෙනෙක් බරපතළ තුවාල ලැබුවා.

වෙඩි තැබීමෙන් මියගොස් තිබුණේ 53 හැවිරිදි වියේ පසු වූ ටෙරන්ස් ප්‍රසන්න නැමැති අයෙක් වන අතර, තුවාල ලබා තිබුනේ ඔහුගේ 74 හැවිරිදි පියා සහ 45 හැවිරිදි සහෝදරයා බවයි වාර්තා වුණේ.

මොවුන් නිවසේ රැඳී සිටින අවස්ථාවේ දී කළු පැහැති රෙදිවලින් මුහුණු ආවරණය කරගත් සිව් දෙනෙක් මෝටර් රථයකින් පැමිණ මෙම වෙඩි තැබීම සිදුකර පළාගොස් තිබුණා.

වෙඩි තැබීම සඳහා T-56 වර්ගයේ ගිනි අවියක් භාවිත කර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම වෙඩි තැබීමෙන් තුවාල ලැබූ 74 හැවිරිදි නොයෙල් ප්‍රනාන්දු නැමැති පුද්ගලයා මීගමුව රෝහලේ දැඩිසත්කාර ඒකකයේ මේ වනවිට ප්‍රතිකාර ලබන අතර, 45 හැවිරිදි සම්පත් වසන්ත නැමැති අයෙක් පුද්ගලයා කොළඹ ජාතික රෝහලට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවා තිබුණා.

මෙම අපරාධය සඳහා අපරාධකරුවන් පැමිණි බව කියන සුදු පැහැති ටොයෝටා කොරෝනා වර්ගයේ මෝටර් රථය ගිනි ගනිමින් තිබිය දී කටුනායක, කෝවින්න ආදාහනාගාරය අසළ දී ගැනීමටයි පොලිසියට හැකියාව ලැබුණේ.

මෙහිදී කටුනායක නිදහස් වෙළෙඳ කළාපයේ ගිනි නිවීම් ඒකකයේ රථයක් මගින් ගිනි ගනිමින් තිබූ මෝටර් රථය නිවා දැමීමට කටයුතු කර තිබුණා.

මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු බස්නාහිර පළාත් උතුර නියෝජ්‍ය පොලිස්පති රොහාන් ප්‍රේමරත්නගේ උපදෙස් මත , මීගමුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී එරික් පෙරේරාගේ අධීක්ෂණය යටතේ සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21