සීදූව පොලිස් වසමේ ඊරියගහලිඳ පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙක්ට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ, අනුව ඝාතනය සිද්ධියට සැකකරුවන් පස්දෙනෙක් සහ ඊට ආධාර අනුබලදුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (14) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
දුම්මලසූරිය පොලිස් වසමේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී මන්නා පිහි තුනක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.
අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17,18,21,25,27 සහ 44 යන වයස්වල පසුවන සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවන්.
සැකකරුවන් අද (15) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.
පදුගිය 12 වනදා රාත්‍රියේ සීදුව, ඊරියගහලිඳ පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර ඇති මෙම ඝාතනය සිදුකර තිබුණා.
මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 40ක පුද්ගලයෙක්.





