සීදූවේ ඝාතනයට හතක් ‍දුම්මලසූරියෙන් අල්ලයි

සීදූව පොලිස් වසමේ ඊරියගහලිඳ පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙක්ට තියුණු ආයුධවලින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියට අදාළව සැකකරුවන් 07 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ, අනුව ඝාතනය සිද්ධියට සැකකරුවන් පස්දෙනෙක් සහ ඊට ආධාර අනුබලදුන් සැකකරුවන් දෙදෙනෙකු ඊයේ (14) මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.

‍දුම්මලසූරිය පොලිස් වසමේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඇති අතර, එහිදී මන්නා පිහි තුනක් ද පොලිස් භාරයට ගෙන ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 17,18,21,25,27 සහ 44 යන වයස්වල පසුවන සීදූව ප්‍රදේශයේ පදිංචිකරුවන්.

සැකකරුවන් අද (15) මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලිසිය වැඩිදුරටත් සඳහන් කළා.

පදුගිය 12 වනදා රාත්‍රියේ සීදුව, ඊරියගහලිඳ පාර ප්‍රදේශයේ දී පුද්ගලයෙකුට තියුණු ආයුධවලින් පහර ඇති මෙම ඝාතනය සිදුකර තිබුණා.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ වයස අවුරුදු 40ක පුද්ගලයෙක්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
තුන්සක රියක් සුඛෝපභෝගී රියක ගැටි බිහිසුණු අනතුරක් - "දඩාන් ගාලා වැදුණා..රවුම් තුනක් පෙරලිලා ගියා"
02:15
Video thumbnail
ජීවන බර දරාගන්න බැරුව පාරට බැස්ස කට්ටිය ආණ්ඩුවට සැරටම අමතයි
02:11
Video thumbnail
සජබ මන්ත්‍රීලා එක්ක දිවුලපිටියයේ වැඩිහිටියන් ගත්ත Fun එක - හරි සතුටින් Dance කරන හැටි
03:45
Video thumbnail
පොහොට්ටුවේ ප්‍රබලයෝ රැසක් හොරණ දී රැස්වෙයි
00:47
Video thumbnail
මිණිබිරිය අමතක නොකළ හිටපු ජනපති මෛත්‍රිපාල ආභරණ ගත් හැටි - "කවදාවත් වෙච්ච නැති ඒවා තමයි වෙන්නේ"
01:34
Video thumbnail
අපිට හිටපු ජනාධිපතිවරුත් එකයි, ගමේ ඉන්නේ සිරිපාලත් එකයි
04:03
Video thumbnail
"රනිල්ගෙයි, සජිත්ගෙයි වැරදි නිසා තමයි අපි අද දුක් විදින්නේ" - මන්ත්‍රීලා ඉදිරියේ දැඩි චෝදනා
01:26
Video thumbnail
මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්ට ම#ණ දණ්ඩනයට අත්සන් කළ එකම රාජ්‍ය නායකයා මම
06:16
Video thumbnail
ඇමති නලින්ද අතින් විවෘත කළ අංග සම්පූර්ණව නිවස - රජය විදියට වැය කරන්නේ ජනතාවගේ බදු මුදල්
06:38
Video thumbnail
මම අවු:5ක් රට අරගෙන ගියේ ආණ්ඩුවත් විපක්ෂයත් නැතුව - මෛත්‍රිපාල රට පාලනය කළ අයුරු කියයි
04:42