‘සීතාවක හටන’ අගමැති දිනේෂ් ගුණවර්ධනට පිළිගන්වයි

සිංහල ප්‍රශස්ති හා හටන් කාව්‍ය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත් කළ ‘සීතාවක හටන’ කෘතිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත පිළිගන්වා තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ විසින් අගමැති කාර්යාලයේදී මෙම කෘතිය ඊයේ දිනයේ දී පිළිගන්වනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් කේ.ඒ.ඩි.ආර්. නිශාන්ති ජයසිංහ, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් සී කුරුප්පු යන යන පිරිස් සහභාගී වුණා.

මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන වෙත ද කෘතිය පිළිගන්වනු ලැබුවා.

‘සීතාවක හටන’ සම්මානිත මහාචාර්ය රෝහිණි පරණවිතාන විසින් සංස්කරණය කර ඇති අතර සීතාවක යුගයේදී ම(1507දී) එය රචනා කර ඇත්තේ, අත්තන්හරි අබය අලහප්පෙරුම විජයවර්ධන කවියා ය.

මෙම රචනය සංස්කරණය කර මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කරන්නේ, පළමු වතාවටය.

සීතාවක යුගයේ සජීවී ව සටන්වලට දායක වූ අයෙකු ලෙස සැලකෙන අලහප්පෙරුම කවියාගේ මෙම හටන් කාව්‍ය, පැරණි ම සිංහල හටන් කාව්‍ය ලෙස ද විද්‍යාර්ථීන්ගේ ආශ්‍රයට යොමු විය යුතු කෘතියක්.

අනෙක් පැත්තෙන්, සීතාවක මායාදුන්නේ සහ පළමුවන රාජසිංහ රජවරු මෙහෙය වූ යුද්ධ පිළිබඳ රචනා වූ මෙම කෘතිය ඒ යුගයේ දේශපාලන තත්ත්වය, පොදු ජනතාවගේ සිතිවිලි, ඔවුන්ගේ බස් වහර ගැන හෙළි කරන්නක් ලෙසට ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
GMOA එකෙන් ඇමති නලින්දට අභියෝගයක්..ප්‍රථමයෙන්ම පැමිණිලි කරන්න ඕනි ඔයාට විරුද්ධව
11:01
Video thumbnail
මේ ආණ්ඩුවට බෑ කියලා උඩ ඉන්න දෙයියෝත් දන්නවා
06:23
Video thumbnail
යතුරුපැදිකරු බරපතළ කළ බිහිසුණු අනතුර..බයික් එක කුඩේ කුඩු
01:04
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26