‘සීතාවක හටන’ අගමැති දිනේෂ් ගුණවර්ධනට පිළිගන්වයි

සිංහල ප්‍රශස්ති හා හටන් කාව්‍ය යටතේ මධ්‍යම සංස්කෘතික අරමුදල මගින් ප්‍රකාශයට පත් කළ ‘සීතාවක හටන’ කෘතිය අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන වෙත පිළිගන්වා තිබෙනවා.

මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජෙනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ විසින් අගමැති කාර්යාලයේදී මෙම කෘතිය ඊයේ දිනයේ දී පිළිගන්වනු ලැබූ බවයි වාර්තා වන්නේ.

මෙම අවස්ථාවට බුද්ධශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය විදුර වික්‍රමනායක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණි ගුණවර්ධන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ, අතිරේක ලේකම් කේ.ඒ.ඩි.ආර්. නිශාන්ති ජයසිංහ, අග්‍රාමාත්‍ය පෞද්ගලික ලේකම් සී කුරුප්පු යන යන පිරිස් සහභාගී වුණා.

මෙහිදී අමාත්‍යාංශ ලේකම්වරයා විසින් පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන වෙත ද කෘතිය පිළිගන්වනු ලැබුවා.

‘සීතාවක හටන’ සම්මානිත මහාචාර්ය රෝහිණි පරණවිතාන විසින් සංස්කරණය කර ඇති අතර සීතාවක යුගයේදී ම(1507දී) එය රචනා කර ඇත්තේ, අත්තන්හරි අබය අලහප්පෙරුම විජයවර්ධන කවියා ය.

මෙම රචනය සංස්කරණය කර මධ්‍යම සංස්කෘතික අරමුදල විසින් මුද්‍රණයෙන් ප්‍රකාශයට පත්කරන්නේ, පළමු වතාවටය.

සීතාවක යුගයේ සජීවී ව සටන්වලට දායක වූ අයෙකු ලෙස සැලකෙන අලහප්පෙරුම කවියාගේ මෙම හටන් කාව්‍ය, පැරණි ම සිංහල හටන් කාව්‍ය ලෙස ද විද්‍යාර්ථීන්ගේ ආශ්‍රයට යොමු විය යුතු කෘතියක්.

අනෙක් පැත්තෙන්, සීතාවක මායාදුන්නේ සහ පළමුවන රාජසිංහ රජවරු මෙහෙය වූ යුද්ධ පිළිබඳ රචනා වූ මෙම කෘතිය ඒ යුගයේ දේශපාලන තත්ත්වය, පොදු ජනතාවගේ සිතිවිලි, ඔවුන්ගේ බස් වහර ගැන හෙළි කරන්නක් ලෙසට ද වාර්තා වනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
21ට කළින් එළියට එන පාස්කු රහස් - CCTV දර්ශනත් මිසින් - මොනවද ඒවගේ තිබ්බේ
40:43
Video thumbnail
නුවර එළිය පිස්සු වැටුණු සෙනඟ මෙන්න - ගියාට කමක් නෑ වනසලා එන්න නම් එපා
04:10
Video thumbnail
සංගීත ප්‍රසංගය 10.30 නතර කරන්න කියපු නිසා ප්‍රේක්ෂකයෝ පොලිසියේ කකුල් අල්ලලා වැඳ වැටෙයි
07:17
Video thumbnail
නවසීලන්තේ යවනවා කියලා මිනිස්සු රවට්ටලා මහාචාර්යවරියක් ගහපු ගේම් එක මෙන්න
05:57
Video thumbnail
විදුලිබල මණ්ඩලයේ සභාපතිට මණ්ඩලය දුන්නා කියන්නේ නරියට කුකුල් කූඩුව භාර දුන්නා වගේ වැඩක්
06:41
Video thumbnail
හඬා වැටෙමින් පිල්ලයාන් කියපු තවත් දේවල් මෙන්න
19:26
Video thumbnail
පිල්ලයාන් කියන්නේ දේශප්‍රේමියෙක් - රහස් රැසක් එළියට ආ මාධ්‍ය හමුව
38:51
Video thumbnail
සජබය ආණ්ඩුවට සැරටම දෙහි කපයි - අපිට ගොඩක් දුකයි මේ වැඩවලට
06:19
Video thumbnail
පෝය දෙකයි - අපි දෙන්නම් උපකාරක පංති - ඇමති තෝ කොහෙද බොල ඉන්නේ
03:59
Video thumbnail
පිල්ලයාන්ගේ නීතිඥයා දැන් ගම්මන්පිල - මේවට තමයි කුමන්ත්‍රණ කියන්නේ
08:21

?