සිසුවෙකුගේ මරණයෙන් කෙළවර වූ උපකාරක පංතියේ විනෝද ගමන

වෙන්නප්පුව, බොරලැස්ස ප්‍රදේශයේ හෝටලයක පිහිනුම් තටාකයක දිය නාමින් සිටි සිසුවෙකු දියේ ගිලීමෙන් ඊයේ (02) ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

පොලිසිය පැවසුවේ මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ ගලගෙදර, සඳලංකාව ප්‍රදේශයේ පදිංචිව සිටි 14 හැවිරිදි පාසල් සිසුවෙක් බවයි.

පන්නල, මාකඳුර ප්‍රදේශයේ උපකාරක පංතියක සිසුන් 80ක පමණ පිරිසක් එක්ව විනෝද චාරිකාවක් පැමිණ අතර අතර, එහිදී සිසුන් කිහිප දෙනෙකු අදාළ හෝටලයේ පිහිනුම් තටාකයේ දිය නෑමට ගොස් තිබෙනවා.

එහිදී මෙම සිසුවා දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වෙන්නප්පුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?