සිසුවා පාසල් පංතියේ රැඳී නොසිටියොත් ඉදිරියේ දී විභාගෙට ලකුණු නෑ – අධ්‍යාපන ඇමති

ඉදිරියේ දී සිසුන් පාසල් පංති කාමරය තුළ රැඳී සිටීම අනිවාර්ය වන අතර, සියලු‍ම ශ්‍රේණිවලට එය අදාළවන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ නව අධ්‍යාපන පරිවර්තනීය ක්‍රියාදාමය තුළ පහේ ශිෂ්‍යත්ව විභාගයේ දී පවා හතර, පහ ශ්‍රේණි දෙකේ දී පන්ති කාමරයේ රැඳී සිට උපයාගත යුතු නිශ්චිත ලකුණු ප්‍රමාණයක් පවතින බවයි.

සිසුන්ට විභාග සමත් වීමට දෛනික පාසල් පැමිණීම අත්‍යවශ්‍ය කාරණයක් වන බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

අතිපූජ්‍ය නිවිතිගල ධම්මානන්ද නාහිමි අනුස්මරණ ශිෂ්‍යත්ව පදනමේ අයගම කොට්ඨාසයේ 2022 ශිෂ්‍යත්ව සමතුන් ඇගයීමේ උත්සවයට එක් අමාත්‍යවරයා මෙම අදහස් පැවසුවා.

අධ්‍යාපනය යනු ශාලාවක් තුළ දරුවන් එක්දහස් පන්සියක් පමණ රැස් කර දේශන පැවැත්වීම මගින් සාර්ථක කරගත හැකි ක්‍රියාවලියක් නොවන බවත් එය, දරුවන්ගේ විනය සැකසීම, බහුවිධ කුසලතා හා නිපුණතා සංවර්ධනය කිරීම සඳහා ප්‍රමුඛත්වය දිය යුතු සංකීර්ණ ක්‍රියාවලියක් බවත් මෙහි දී අවධාරණය කළ අමාත්‍යවරයා ප්‍රාථමික පන්තිවල සිසුන් සඳහා එවැනි දේශන පැවැත්වීමේ උපකාරක පන්ති ක්‍රම අදාළ කරගැනීම කෙසේ වත් ප්‍රායෝගික නොවන බව ද සඳහන් කර සිටියා.

ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය තුළ අවශ්‍ය උපකාරයක් ලබාගැනීම වරදක් නොවන නමුත් එය වාණිජත්වය පදනම් කරගත් කර්මාන්තයක් දක්වා විකාශනය වී තිබීම යෝග්‍ය තත්ත්වයක් නොවන බවයි ඔහු පැවසුවේ.

එමෙන්ම වත්මන් ආර්ථික හා සමාජ අභියෝග හමුවේ දුෂ්කරතාවලට මුහුණ දී සිටින දෙමාපියන්ට දරුවන්ගේ උපකාරක පන්ති වෙනුවෙන් අතිවිශාල මුදලක් වෙන් කිරීමට සිදු වීමේ ඛේදනීය තත්ත්වය වහා ම වළක්වාගත යුතු බවත් එසේ නොවුණහොත් ගුරු පුහුණු සැසි පවත්වා අධික මුදලක් වැය කර ගුරු වැටුප් ගෙවා භෞතික හා මානව සම්පත් සංවර්ධනය කර පාසල් පවත්වාගෙන යාමේ නිදහස් අධ්‍යාපන අරමුණු වියැකී යන බවත් සඳහන් කර සිටියා.

ලොව කිසිඳු රටක මෙවන් තත්ත්වයක් දක්නට නොලැබෙන බවත්, මෙරට පූර්ව ළමා අවධි අධ්‍යාපනය සම්බන්ධයෙන් පවත්නා සංකල්ප හා නිර්ණායක ද මුළුමනින් ම වෙනස් කළ යුතු මට්ටමක පවත්නා බවත් එය ද පූර්ණ පරිවර්තනයකට ලක් කළ යුතු බව ද ඔහු මෙහිදී පවසා සිටියා.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ ශිෂ්‍යත්ව විභාගය සමත් වීම යනු කඩයිම් ලකුණට ඉහළින් ලකුණු ලබාගැනීම නොවන බවත්, එම කඩයිම් ලකුණ තීරණය කෙරෙන්නේ රජයට වසරකට සිසුන්ට ලබා දිය හැකි ශිෂ්‍යත්ව අරමුදලේ ප්‍රමාණය මත නිසා තව දුරටත් ප්‍රතිපාදන වැඩි කළ හැකි නම් ශිෂ්‍යත්ව කඩයිම් ලකුණු තවදුරටත් අඩුවන බවයි.

එබැවින් එම ලකුණු මත දරුවන් මැනීම සාධාරණ නොවන බව අවධාරණය කළ අමාත්‍යවරයා ජනප්‍රිය පාසල්වලට ඇතුළත් වීමේ අවස්ථා ලබ දීම සඳහා පවත්වනු ලබන මෙම ශිෂ්‍යත්ව විභාගයට දැනට එම පාසල්වල සිටින දරුවන් යොමු කරවීම ඵල රහිත ක්‍රියාවක් බවයි ඔහු සඳහන් කළේ.

එමෙන් ම ඉදිරියේ දී උසස් පෙළ විභාගය පැවැත්වුණ ද 2024 ජනවාරිවල පාසල්වල ප්‍රාථමික පන්ති පවත්වාගෙන යාමට අපේක්ෂා කරන අතර, ලබන වසර තුළ අතපසු වූ සියලු‍ විෂය ආවරණ කටයුතු සම්පූර්ණ කර නිමා කරන බවත් පැවසුවා.

ඊට අදාළව නිවාඩු කාලය අඩුවන බව ද අමාත්‍යවරයා මෙහිදී පවසා සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
0
+1
7
+1
1
+1
1
+1
2
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
හිටපු ජනපති මහින්ද, ගෝඨාභය, මහින්ද විජේසේකරට සමුදෙන්න පැමිණෙයි..මහින්ද දැක්ක ගමන් ඔක්කොම වඳියි
01:15
Video thumbnail
මහ රෑ අලි ප්‍ර#රයකින් පස්දරු පියෙක් එතනම එළොව ගිහින්..බිරිඳ හැඩූ කඳුලින් වෙච්ච දේ හෙළිකරයි
06:10
Video thumbnail
මරික්කාර් ආණ්ඩුවට කට උත්තර නැති වෙන්නම කියයි..අම්මටහුඩු අම්මලා හිතුවේ බඩුමිල අඩුවෙයි
05:40
Video thumbnail
දිය නෑමට ගිය පාසල් සිසුවෙක් දියට වැ# අතුරුදහන්.."තියෙනවද බොඩිය..හොයාගන්න බෑ ඇතුළේ"
01:13
Video thumbnail
කාසල්රි ජලාශ‍යේ ලොකුම දූපතේ හදිසියේම ඇතිවූ ගින්න
00:24
Video thumbnail
මහින්දට සමුදෙන්න සජිත් ප්‍රේමදාසත් එයි..කට්ටිය වටවෙලා ලොකු කතාවක්
01:06
Video thumbnail
අවු:7කට උඩදි වුණ පාස්කු සිද්ධිය නිසා අපේ වින්දිතයින් තාම දුක් විදිනවා..කෑමොර දීලා සාධාරණය ඉල්ලන්නේ
02:49
Video thumbnail
නලින්ද හර්ෂද ඇතුළු කට්ටියටම ප්‍රශංසා කරලා කිව්ව දේ..රටේ Brand එකක් විදියට ලෝකයට අරන් යමු
07:17
Video thumbnail
1990 ටීෂර්ට් එකක් ඇදගෙන බස් එකෙන් බැස්සම කඩේ මුදලාලි සල්ලි ගන්නේ නෑ..හර්ෂද සිල්වා කිව්ව සුපිරි කතාව
01:56
Video thumbnail
"මිත්‍ර නලින්ද මට ඉස්සෙල්ලම Invite කරපු එක මට පුදුමයක් නෙවෙයි" l Harsha de Silva
05:29